බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“එක රටක් එක නීතියක් සභාපති හාමුදුරුවන්ගෙන්“ බෞද්ධ හිමිවරු බේරලා දෙන්න! – තලතා

“අලුත්ම හඬපටය අද නිකුත් වෙලා... මේ හඬපට ලෝකය වටා යනවා... මේ ගැන විමර්ශනයක් තියලා පියවරක් ගන්න!“

by editor
දෙසැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • නින්දා සහගත භාෂාවකින් තර්ජනය කරමින් මැරකම් කරන්නෙ හාමුදුරුවරුන්ට. බෞද්ධයෙක් විදිහට ලජ්ජයි.

  • මේ හඬපට ජාත්‍යාන්තරව යනවා. දැන් අපි ලෝකයට කියන්නෙ මොනව ද?. අධිකරණ ඇමතිතුමත් දැන් අසරණවෙලා…

  • සිර දඬුවම් විඳිමින් ඉද්දි ජනාධිපති සමාවෙන් නිදහස් කරලා එක රටක් එක නීතියක් හදන කමිටුවෙ සභාපති කළ මේ හිමිනම ගැන දැන් ජනාධිපතිතුමා කියන්නෙ මොකක්ද?

සෞභාග්‍යයේ දැක්මේ සඳහන් එක රටක් එක නීතියක් සඳහා අවශ්‍ය අදහස්, උපදෙස් සහ මගපෙන්වීම් ලබා ගැනීම සඳහා  කටයුතු කිරීමට ජනාධිපතිවරයාවරයා විසින් පත් කරන ලද කාර්යසාධක බලකායේ සභාපති හිමිනම නිසා අන්‍යාගමිකයන්ට කෙසේ වෙතත් බෞද්ධ භික්ෂූන්ට සහ සමස්ථයක් ලෙස බෞද්ධයන්ටත් බරපතල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල අද පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

ඇය කීවේ මේ හිමියන් අශිෂ්ට වාග් විලාශයක් සහිත තර්ජනය කරමින් කරන අලුත්ම මැරකම පිළිබඳ  අලුත්ම හඬපටයත් දැන් සමාජ මාධ්‍ය ජලාවල ඇති බවත් මේ හඬපට මේ වනවිට ලොව පුරා සංසරණය වන බවත්ය.

මේ තැනැත්තාගේ හැසිරීම සම්බන්ධව දැන් ජනාධිපතිවරයා ගන්නා තීරණය කුමක් දැයි තමන් විමසන බවත් මන්ත්‍රීවරය පැවසුවාය.

එක් රටක් එක නීතියක් කාරක සභාවේ සභාපති ස්වාමීන්වහන්සේ මීට පෙර අධිකරණය අපහාස කිරීම සම්බන්ධයෙන් සහ කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධව දඬුවම් ලබමින් සිටිය දී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වුණ කෙනෙක්.  එය මේ අධිකරණයෙ ගරු ගාම්භීරත්වයට ගැසූ පහරක්. වර්ෂ 2018 ඔක්තොම්බර් 28 වැනිදා තමයි ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් කරලා රටේ බලය ගන්නේ. දෛවෝපගත සිද්ධිය වෙන්නේ 2021 ඔක්තොම්බර් 28 තමයි එක් රටක් එක් නීතියක් ජනාධිපති උපදේශක කාරක සභාවෙ සභාපතිකමට මේ හිමියන් පත් කරන්නෙ.“

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ හාමුදුරුවන්ගෙ ක්‍රියා කලාපය ගැන කිසිම බෞද්ධයෙකුට සතුටු වෙන්න බෑ. මේ කාරණාව ගැන සියලුම බෞද්ධ අබෞද්ධ සියලුම මන්ත්‍රීවරු මා සමග එකඟවෙයි.  මේ  කාර්යසාධක බලකායේ සභාපති ස්වාමීන්වහන්සේ  නිසා දැන් ස්වාමීන්වහන්සේලා අතර ප්‍රශ්නයක් වෙලා තියනව. තර්ජනය කරනවා. මර්ධනය කරන්න හදනවා. හාමුදුරුකෙනෙකුගේ අයිතියවත් ආරක්ෂා වෙලා නෑ මේ හාමුදුරුනමගෙ හැසිරීම නිසා.

අපි මානව හිමිකම් රකින්න  අයිසීසීපීආර්   ප්‍රඥප්තියට අත්සන් කරලා තියෙන්නෙ. අපි එහි පාර්ශව කාරයො. දැන්  මේ හඬපට ජාත්‍යාන්තරව යනවා.

මේ සම්බන්ධව ජනපති ගන්න පියවර මොකක්ද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමතියෙක් රකින්න  STF භටයන් 74ක බලඇණියක්!… ගාඩ් එක අරන් තියෙන්නෙ අනුමැතියක් නැතිව!

Next Post

ඉන්දීය ධීවරයෝ ලාංකික ධීවර යාත්‍රාවක් බේරාගනිති

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.