-
නින්දා සහගත භාෂාවකින් තර්ජනය කරමින් මැරකම් කරන්නෙ හාමුදුරුවරුන්ට. බෞද්ධයෙක් විදිහට ලජ්ජයි.
-
මේ හඬපට ජාත්‍යාන්තරව යනවා. දැන් අපි ලෝකයට කියන්නෙ මොනව ද?. අධිකරණ ඇමතිතුමත් දැන් අසරණවෙලා…
-
සිර දඬුවම් විඳිමින් ඉද්දි ජනාධිපති සමාවෙන් නිදහස් කරලා එක රටක් එක නීතියක් හදන කමිටුවෙ සභාපති කළ මේ හිමිනම ගැන දැන් ජනාධිපතිතුමා කියන්නෙ මොකක්ද?
සෞභාග්‍යයේ දැක්මේ සඳහන් එක රටක් එක නීතියක් සඳහා අවශ්‍ය අදහස්, උපදෙස් සහ මගපෙන්වීම් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට ජනාධිපතිවරයාවරයා විසින් පත් කරන ලද කාර්යසාධක බලකායේ සභාපති හිමිනම නිසා අන්‍යාගමිකයන්ට කෙසේ වෙතත් බෞද්ධ භික්ෂූන්ට සහ සමස්ථයක් ලෙස බෞද්ධයන්ටත් බරපතල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල අද පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
ඇය කීවේ මේ හිමියන් අශිෂ්ට වාග් විලාශයක් සහිත තර්ජනය කරමින් කරන අලුත්ම මැරකම පිළිබඳ අලුත්ම හඬපටයත් දැන් සමාජ මාධ්‍ය ජලාවල ඇති බවත් මේ හඬපට මේ වනවිට ලොව පුරා සංසරණය වන බවත්ය.
මේ තැනැත්තාගේ හැසිරීම සම්බන්ධව දැන් ජනාධිපතිවරයා ගන්නා තීරණය කුමක් දැයි තමන් විමසන බවත් මන්ත්‍රීවරය පැවසුවාය.
එක් රටක් එක නීතියක් කාරක සභාවේ සභාපති ස්වාමීන්වහන්සේ මීට පෙර අධිකරණය අපහාස කිරීම සම්බන්ධයෙන් සහ කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධව දඬුවම් ලබමින් සිටිය දී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වුණ කෙනෙක්. එය මේ අධිකරණයෙ ගරු ගාම්භීරත්වයට ගැසූ පහරක්. වර්ෂ 2018 ඔක්තොම්බර් 28 වැනිදා තමයි ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් කරලා රටේ බලය ගන්නේ. දෛවෝපගත සිද්ධිය වෙන්නේ 2021 ඔක්තොම්බර් 28 තමයි එක් රටක් එක් නීතියක් ජනාධිපති උපදේශක කාරක සභාවෙ සභාපතිකමට මේ හිමියන් පත් කරන්නෙ.“
මේ හාමුදුරුවන්ගෙ ක්‍රියා කලාපය ගැන කිසිම බෞද්ධයෙකුට සතුටු වෙන්න බෑ. මේ කාරණාව ගැන සියලුම බෞද්ධ අබෞද්ධ සියලුම මන්ත්‍රීවරු මා සමග එකඟවෙයි. මේ කාර්යසාධක බලකායේ සභාපති ස්වාමීන්වහන්සේ නිසා දැන් ස්වාමීන්වහන්සේලා අතර ප්‍රශ්නයක් වෙලා තියනව. තර්ජනය කරනවා. මර්ධනය කරන්න හදනවා. හාමුදුරුකෙනෙකුගේ අයිතියවත් ආරක්ෂා වෙලා නෑ මේ හාමුදුරුනමගෙ හැසිරීම නිසා.
අපි මානව හිමිකම් රකින්න අයිසීසීපීආර් ප්‍රඥප්තියට අත්සන් කරලා තියෙන්නෙ. අපි එහි පාර්ශව කාරයො. දැන් මේ හඬපට ජාත්‍යාන්තරව යනවා.
මේ සම්බන්ධව ජනපති ගන්න පියවර මොකක්ද?