අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“එක තැනක එක දවසකට වඩා නිදාගන්න බැරිතරම් තර්ජන”

අපේ ජනබල පක්ෂ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියෝ කියති

by Lanka Sara Editor
අගෝස්තු 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • අගොස්තු 20 පාර්ලිමේන්තු ඇවිත් මම අස්වෙනවා
  • අපේ ජන බල පක්ෂය අපි හයර් එකට ගත්ත වාහනයක්
  • කළුතර යනකොට වාහන පහක් අපි පසුපස පැන්නුවා

ත්‍රස්ත ප්‍රහාරයක්, ගමන කඩාකප්පල් කිරීමක් හෝ නීතිපති උපදෙස් මාර්ගයෙන් තම පත්වීම අවලංගු කිරීමේ ක්‍රමයක් නොයෙදුණහොත් ලබන අගෝස්තු මස 20 වැනිදා පාර්ලිමේන්නතු වඩින්නේ තමන් වහන්සේ බව අපේ ජනබල පක්ෂයේ මහලේකම් වේදිනිගම විලමතිස්ස හිමියෝ ප්‍රකාශ කරති.

දැනට රහසිගත ජීවිතයක ගත කරන උන්වහන්සේ පරූපවාහිනි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ ඔහුගේ ‘ටෘත් විත් චමුදිත’ යූ ටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මේ බව පවසති.

උන්වහන්සේ පවසන්නේ දැනට මෙම මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණ රාශියක් පවතින අතර මේ හේතුවෙන් තමන් වහන්සේට පාර්ශ්ව කිහිපයකින්ම මරණ තර්ජන රැසක් පවතින බවය. මේ නිසා සෑම දිනකම රාත්‍රියේ නිදන ස්ථානය වෙනස් කිරීමට සිදුව ඇති බව පවසන විමලතිස්ස හිමියෝ තමන් වහන්සේ පාර්ලිමේන්තුවට පත් වී ජාතියට ප්‍රකාශයක් කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා දීමට කටයුතු කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන වේදිනිගම විමලතිස්ස හිමියෝ “මම මේ ආරක්ෂිත ක්‍රමෝපායයක් තමයි භාවිත කර තිබෙන්නේ මේ ජාතික ව්‍යාපාරයේ ආරක්ෂාව වෙනුවෙන්. මම සැඟවී ජීවත් වෙන්නේ මේ නිසයි. මට කණ්ඩායම් ගණනාවකින් බලපෑම් තිබෙනවා. අපිට මේ මැතිවරණය පවත්වන්න දින දෙක තුනකට කලින් මහනුවර පොලිසිය ආරක්ෂක හමුදා පවා මැදිහත් වෙලා මහනුවර අස්ගිරි විහාරයේ මා වැඩි සිටි පන්සල වන වාරියපොල පන්සලට කඩා වැදිලා මේ පන්සල කඩා බිඳ දමලා කුඩා ස්වාමීන් වහන්සේලට පවා පහර දීල තමයි පළමුවෙන්ම මේ ත්‍රස්ත ප්‍රහාරය ආරම්භ වුණේ. මම අස්ගිරි මහා විහාරයීය භික්ෂුවක්.මහා නායක හාමුදුරුවන් වහන්සේත් වැඩි සිටින පන්සලේ බැකෝ දාලා විහාරයක් කඩා බිඳ දමන්නට පොලිස් ආරක්ෂාව විශේෂ කාර්ය බලකාය එනව නම් අපට හිතන්න පුළුවන් බොහෝ දේවල් තිබෙනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අනෙක මා සමඟ සිටි අරඹේපොල් රතනසාර හාමුදුරුයෝ පැහැරගෙන ගිහින් පසුගිය දවසක පහර දී තිබෙනවා. මෙම හාමුදුරුවො පැහැරගෙන ගිහින් තිබෙන්නේ උලපනේ සුමංගල හාමුදුරුවන්ගේ පන්සලකට කියල තොරතුරු ලැබිල තියනවා. උන්වහන්සේට පහර දීමට අපේ පක්ෂයේ සභාපති සමන් පෙරේරා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ සඳහා අපි ළඟ සාක්ෂි තිබෙනවා. මම අරඹේපොල රතනසාර හාමුදුරුවන්ව කළුතර ට ඇරලවද්දී වාහන පහක් අපි පසුපලස ලුහුබැඳ තිබෙවා. ඒ කණ්ඩායම් කිහිපයක්.

අපට ජාතික ව්‍යාපාරය ගෙන යන්නමේ සැරේ මැතිවරණයට එන්න පක්ෂයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ හයර් එකට එනම් කුලියට ගත්ත පක්ෂයක් තමයි මේ පක්ෂය. හරියට අපේ ජාතික ව්‍යාපාරයේ ගමන යන්න හයර් එකට ගත්ත වාහනයක් වගේ. දැන් ඒ වාහනේ අයිතිකරුවාත් ජාතික ව්‍යාපාරයට ලැබුණු මන්ත්‍රීකම ගන්න දඟලනවා.

මේක ගනුදෙනුවක්. මේ ගනුදෙනුව කරගෙන ආවේ පක්ෂයක් ඕන වෙලාවේ විවිධ පක්ෂ සමඟ කතා කළා. ඒවාට පොඩි කඩ වගේ විවිධ කොන්දේසි ගිවිසුම් තිබෙනවා. මේ රටේ පක්ෂ අතර තිබෙන්නේ ඩීල් එකක්. එක් එක් පක්ෂවල ගිවිසුම් අතරින් අපිට ළගින්ම යන ගිවිසුමක් තිබ්බේ අපේ ජන බල පක්ෂය විතරයි. ඒත් අපට මේ සභාපතිවරයා අපට මන්ත්‍රි ධුරයක් ලැබුණොත් ඒක කුමන්ත්‍රණයකින් ගන්නවා කියල අපට මුල ඉඳලම සැකයක් තිබුණා. මම හිතන්නේ ඥානසාර හිමියන් ඉදිරිපත් වුණු කුරුණෑගල අපේක්ෂක ලයිස්තුව ප්‍රතික්ෂේප කිරීම පසුපසත් ඔහු හිටියා කියල මම හිතනවා.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

කොහොම වුණත් මම පාර්ලිමේනතු යනවා ගිහින් ඉල්ලා අස්වෙන්න පුළුවන් හෙටද එදාම ඉල්ලා අස්වෙනවා නමුත් මම ඉල්ලා අස්වෙන්නේ යම් ප්‍රකාශයක් පාර්ලිම්න්තුවේදී කරල. මට මේ තනතුරු අවශ්‍ය නැහ. මම ඉතාම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන බණ භාවනා කරන භික්ෂූන් වහන්සේ නමක්. මට මේ චීවරය තරමම් වටිනා දෙයක් නැහැ.” යයිද උන්වහන්සේ චමුදිත සමරවික්‍රම සමඟ පවසා තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජාංගනයේ පාසල් දරුවෙකුට කොරෝනා ආසාදනය වේ

Next Post

ජයග්‍රහණයේ අග්‍ර ඵලය ලබා ගැනීමට නිහඬව ටිකක් කල් බලා සිටිය යුතුයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.