වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතු බව හිටපු ජනාධිපති, වර්තමාන පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ස්වකීය ෆේස් බුක් ගිනුමේ සටහන් කර තිබේ.
පොලොනන්නරුව දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරි පත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අමාත්‍ය ධුරයක් ලැබුනේ නැත.
එහෙත් ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරුව නියෝජ්‍ය අගමැති ධුරයක් නිර්මාණය කර එය මෛත්‍රීපාල සිරිසේන වෙත ලබා දෙන්නට යෝජිත වී ඇතැයි වාර්තා වේ.
අනෙක් අතට සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසගේ සහයොගය අවශ්‍ය වී තිබේ.