පානදුර සුමිත් පොතුපිටිය –
හෙල්මට් වලින් පහරදී එක්දරු පියෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් 16 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව වැලිපැන්න පොලිසිය පවසයි .
වැලිපැන්න ප්‍රදේශයේ පාසලක මෙවර අපොස සාපෙල හදාරන සිසුන් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
සිසුන් තිදෙනා වැලිපැන්න , වලගෙදර, ගල්මත්ත සහ මීගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන් වේ.
සිදුකල පහරදීමෙන් වැලිපැන්න , ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී රංග විරාජ් නැමැති 34 හැවිරිදි එක්දරු පියෙකු පෙරේදා රාත්‍රි මියගොස් තිබුණි.
මියගොස් ඇති තැනැත්තා සහ තරුණයින් තිදෙනා වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටියදී ඔහොම යන්න එපා යැයි මියගොස් ඇති තැනැත්තා දැනුම් දීමෙන් පසු ඇතිවූ කතාබහකින් පසු හෙල්මට් වලින් පහරදී ඇති බව පොලිසිය කීය.
පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබාසිටී පුද්ගලයා අලුත්ගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහල් ගතකිරීමේදී මියගොස් ඇතැයි පැවසේ
සැකකරුවන් ගමන් කළ යතුරුපැදි දෙකක් සහ පහරදීම සිදුකළ හෙල්මට් තුනද , භාරයට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.
කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද ස්ථානීය පරීක්ෂණය සිදුකරන ලදී
සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස සහ සහකාර පොලිස් අධිකාරී බී බී රුද්‍රිගු ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සිල්වා ගේ මෙහෙයවීමෙන් පරිදි අපරාධ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.