මෑත ඉතිහාසයේ දැවැන්තම සමුද්‍ර පරිසර හානිය සිදුකරමින් පසුගිය 2021 වසරේ මැයි මස 20 වැනිදා කොළඹ වරාය අසල ගිනිගෙන ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවු පරිසර දූෂණයට වන්දි ඉල්ලා සිංගප්පූරුවේ දී හෙට (24) නඩුවක් ගොනුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පරිසර දූෂණ වන්දි නඩුව හෙට (24) සිංගප්පූරු වාණිජ අධිකරණය හමුවේ ගොනුකිරීමට නියමිත බවය.
ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේ වනවිට සම්පාදනය වී ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.