එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් දින තුනක නිල සංචාරයක් සඳහා 18 වැනිදා ඉන්දියාවට පැමිණියේය.
2022 ජනවාරි මාසයේදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ලෙස දෙවන වතාවට වැඩ බාර ගැනීමෙන් පසුව ඇන්ටෝනියෝ ගුටරේස් ඉන්දියාවේ සංචාරය කළ පළමු වතාව මෙය විය. පළමු වතාවට මහලේකම් ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු 2018 ඔක්තොබර් 01 – 04 දක්වා ඉන්දියාවේ රැඳී සිටියේය.
මුම්බායි හි ටාජ් මහල් පැලස් හෝටලයේදී, 26/11 වෙනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් විපතට පත් වූවන්ට උපහාර පුද කරමින් මහලේකම්වරයා සිය ඉන්දීය සංචාරය ආරම්භ කළේය. ඔහු මුම්බායි අයිඅයිටී හි දී ‘එක්සත් ජාතින්ගේ සංවිධානය හා ඉන්දියාව අතර ඇති සම්බන්ධතාවය’ සම්බන්ධයෙන් දේශනයක් ද පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
“2022 ඔක්තොම්බර් 18 වෙනිදා තෙක් 20 දක්වා නිල සංචාරයක් සඳහා මුම්බායට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගටර් මහතාව ඉන්දියාවට උණුසුම් අයුරි්න පිළි ගන්නවා..”
ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කළ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක අරින්දා්ම බග්චි පවසා තිබිණි.