පසුගිය බ්‍රහස්පතින්දා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී රුසියාවට එරෙහි යෝජනාවට ඡන්දය ලබා දීමෙන් ශ්‍රී ලංකාව යළිත් වරක් වැළකුණු බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
මෙහිදී රුසියාව, යුක්රේනයට එරෙහිව ගෙන යන සතුරු වැඩපිළිවෙළ නවතාලමින්, සිය හමුදා යුක්රේනයෙන් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් මහා මණ්ඩලය විසින් විශාල ලෙස ඡන්දය භාවිතා කරන ලදී.
යුක්රේන යුද්ධයට වසරක් පිරීමට දිනයකට පෙර ඉදිරිපත් වූ යෝජනාව 141ට 7ක් ලෙසින් සම්මත වූ අතර එහිදී රටවල් 32ක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියහ.
එම යෝජනාවට අනුව රුසියාව, ‘යුක්රේනයේ නිවාස, පාසැල් හා රෝහල් වැනි තීරණාත්මක යටිතල ව්‍යුහයන් හා සිවිල් වස්තූන් වෙතට හිතාමතා ප්‍රහාර එල්ල කිරීම නවතාලිය යුතුය..”
එලෙසම මෙම යෝජනාව මඟින්, යුක්රේනයට විස්තීරණ, සාධාරණ හා කල්පවත්නා සාමයක් සාක්ෂාත් කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයන්තයන් දෙගුණ කරන මෙන් ජාතික හා ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා තිබේ.
රුසියාව, බෙලරෑස්, උතුරු කොරියාව, එරිත්‍රියාව, මාලි, නිකරගුවාව සහ සිරියාව යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ රටවල් වන අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, පාකිස්ථානය, ඉරානය හා දකුණු අප්‍රිකාව ඡන්දය ලබා දීමෙන් වැළකුණු රටවල් 32ට අයත් වේ.
මීට වසරකට පෙරද, යුක්රේනය ආක්‍රමණය කර ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රුසියාව වග කිව යුතු බවට වන කෙටුම්පත් යෝජනාවකට, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියේය.