අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභිමානවත් නිදහස් දින උත්සවයක් තිබ්බෙ රටේ නීතිය සහ සාමය තහවුරු වී ඇති බව ලෝකයට කියා අරගල සමයේ බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය නන්වන්න – ජනපති

by editor
පෙබරවාරි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අභිමානවත් ආකාරයට ජාතික නිදහස් දිනය පවත්වනු ලැබුවේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා වී ඇති බවට වූ පණිවිඩය ලොවට ගෙන ගොස් පසුගිය උද්ඝෝෂණ සමය හේතුවෙන් රටෙන් දුරස් වූ සංචාරකයින්ගේ අවධානය යළි රටට යොමු කර ගැනීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමඟ ඊයේ (23) පස්වරුවේ පැවති හමුවකට එක් වෙමිනි.

සංචාරක කර්මාන්තයට අදාල ගැටලු සහ අදහස් සාකච්ඡා කිරීමේ අරමුණින් “සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්ම සහ අභියෝග ජයගැනීම ” මැයෙන් සංවිධානය කර තිබූ මෙම හමුව හික්කඩුව සිට්‍රස් හෝටලයේ දී පැවැත්විණි.

පසුගිය කාලයේ සිදු වූ ආර්ථික පසුබෑම නිසා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විවිධ පීඩාවන්ට ලක් වීමට සිදු වූ නමුත් එම තත්ත්වය වෙනස් කරමින් සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

වසරකට සංචාරකයින් ලක්ෂ 20 කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සහ දිනකට ඩොලර් 500ක් වියදම් කළ හැකි සංචාරකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බවත් එම සැලසුම් ක්‍රියාවට නැංවිම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු වාර්තාව ලැබීමත් සමග එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම ශ්‍රි ලංකාව පිළිබඳ වඩා හොඳ ප්‍රචාරණයක් ලෝකයට ගෙන යා යුතු බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මෙවර නිදහස් උත්සවය අභිමානවත්ව පැවැත්වුවේ රටේ නීතිය සහ සාමය ස්ථාවර වී ඇති බවට වූ පණිවිඩය ලෝකයට ගෙන යාමට බව ද සඳහන් කළේය.

පසුගිය වසරේ මැයි, ජුනි මාසවල සිදු වූ උද්ඝෝෂණවලින් පසු සංචාරකයින් ශ්‍රී ලංකාවෙන් ඈත් වූ බවත් නැවත ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට නම් ශ්‍රී ලංකාව තුළ නීතිය සහ සාමය ස්ථාවර වී ඇති බව ලෝකයට පෙන්විය යුතු වූ බවත් ජනාධිපතිවරයා පැවසීය.

කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානායක්කාර , සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා , ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, ගාල්ල දිසාපති ශාන්ත වීරසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පා ගමනින් හික්කඩුව නගරයේ සංචාරයක නිරත වු ජනාධිපතිවරයා එහි ව්‍යාපාරිකයින් හමුවෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අල්ලස් කොමිසමේ නඩුවකට ෆවුසිට ඇප…

Next Post

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී රුසියාවට එරෙහිව ඡන්දය දීමෙන් ශ්‍රී ලංකාව යළිත් වරක් වලකියි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.