සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරදවා ශ්‍රී ලංකාව ලකුණු 79කින් ජය ගනී…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්තික් මේයප්පන් කඩුළු ත්‍රිත්වයක් ලබාගෙන වික්‍රමයක් කරයි...

by editor
ඔක්තෝබර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විස්සයි 20 ලෝක කුසලාන  තරගාවලියේ  එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම‘ ලකුණු 79කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම  අද  සමත් විය..

එම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව මේ වන විට ශුද්ධ ලකුණු අනුපාතයෙන් නෙදර්ලන්තය අභිබවා ගොස් සිටී. ඊලඟ තරගයේ ජයග්‍රහණයක් ලැබුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම   මීළඟ කාණ්ඩයට ඇතුළු වනු ඇත.

ගීලොන් හි අද පැවති  තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම  ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලබා ගත්තේ  ලකුණු 152ක් පමණි.

පැතුම් නිශ්ශංක පන්දු 60කදී ලකුණු 72ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.  ධනංජය ද සිල්වා පන්දු 21කදී ලකුණු 33ක් සහ කුසල් මෙන්ඩිස් පන්දු 13කදී ලකුණු 18ක් ලබා ගත්තේය. අනෙක් කිසිවෙක් ලකුණු 10 සීමාව පසු කළේ නැත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සැබැවින්ම එක්සත් අරාබි එමීර් පන්දු යවන්නෝ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූහ. ශ්‍රී ලංකා නායක දසුන් ශානක ලකුණු නොලබා දැවී ගියේය. චරිත් අසලංක නැවතත් පරාදය. ඔහු ලකුණු ලැබුවේ නැත.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පන්දු යවන්නෙක් වූ කාර්තික් මේයප්පන් වික්‍රමයක් කළේය. ඒ මෙම ලෝක කුසලාන තරගාවලියේ පළමු කඩුළු ත්‍රිත්වය ලබා ගනිමිනි. ලෝක කුසලාන තරගාවලියේ වීරයා වන්නට අවශ්‍ය බව කී භානුක රාජපක්ෂත්, චරිත් අසලංක සහ දසුන් ශානක කාර්තික්ගේ කඩුළු ත්‍රිත්වයේ ගොදුරු බවට පත් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් සහූර් ඛාන් කඩුලු 2ක් ද, අෆ්සාල් ඛාන් සහ ආර්යන් ලක්‍රා එක් කඩුල්ල බැගින් ද බිඳ දැමූහ.

ලකුණු 153ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ඕවර 17.1කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 73ක් පමණි.

අෆ්සාල් ඛාන් ලකුණු 19කටත්, ජුනයිඩ් සිද්ධික් පන්දු 16කදී ලකුණු 18කටත්, චිරාග් සූරි ලකුණු 14කටත්, සෙසු ක්‍රීඩකයින් ලකුණු 10කට අඩුවෙන් ද දැවී ගියහ.

ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර කඩුලු 3 බැගින් දවාගත්හ.

මහේෂ් තීක්ෂණ කඩුලු 2ක් ද, ප්‍රමෝද් මධුෂාන් සහ නායක දසුන් ශානක එක් කඩුල්ල බැගින් ද බිඳ දැමූහ.

ශ්‍රී ලංකාව  ඔක්තෝම්බර් 20 දා බ්‍රහස්පතින්දා නෙදර්ලන්තය සමග ගීලෝන්  හිදී තරග වදිනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුන්ගේ වාහන හොරට විකුණා කෝටි ගණන් වංචාකර සැඟවුන රෝහිතගේ ඥාතිපුතා සොයා පොලිස් පරීක්ෂණ අරඹෙයි..

Next Post

ඛණිජතෙල් නිශ්පාදන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.