දිනසේන රතුගමගේ –
රටේ වත්මන් අර්බූදවලට එකම විසඳුම වන්නේ සියලු දෙනා ඉල්ලා අස් වී යළි මහ මැතිවරණයක් පැවැත්විම පමණක් බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.
රටේ බහුතරයක් ජනතාව ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් ප්‍රතික්ෂේප කරණ නිසා ඔවුන් එම තනතුරු වල සිටිමින් රට ගොඩ ගැනීමට දරණ උත්සාහයන් නිශ්ඵල බවද කියා සිටියේය.
වර්තමානයේදී පිහිටුවා ගෙන ඇති ආණ්ඩුව ආණ්ඩුවක් ලෙස පිළිගැනීමට කිසිම සාධකයක් නැති බවත් පිහිටුවා ගෙන ඇති නව රජය ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාවට පටහැනි නිසා වහාම එය විසුරුවා හැර මහ මැතිවරණයකට යා යුතුව ඇති බව තමන්ගේ මතය බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා සදහන් කළේය.
ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ රජය මේ වන විට සිදුකොට අත්තේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ පුටුව රනිල් වික්‍රමසිංහ ට ලබාදීම පමනක් බවත් වත්මන් රජයට ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න කිසිවක් විසදිමට හැකි වී නැති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මේ වන විට ජනතාවට හාණ්ඩ මිලට ගැනීමට නොහැකි අන්දමට භාණ්ඩ මිල ඉහල ගොස් ඇති බවත් ගෑස් විදුලිය ඉන්ධන වැනි සේවාවන් සපයා ගැනීමට නොහැකි තත්ත්වයකුත් උද්ගත වි ඇති නිසා ජනතාව නව රජයක් ඉල්ලා සිටින බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශා කළේය.