කටාර් ජාතික කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලාංකික ක්‍රීඩයෙක් වූ මොහොමඩ් රිස්ලාන් අක්බාර් ට හිමි වී තිබේ. මොහොමඩ් රිස්ලාන් ඉක්බාර් ගේ ගම මහනුවරය. ඔහු මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි සිසුවෙකි.
රිස්ලාන් කටාර් ජාතික කණ්ඩායමේ සංචිතයට කැඳවනු ලබන්නේ වර්ෂ 2017 දී ය. ඒ දකුණු අප්‍රිකාවේ 2017 පැවති අයි.සී.සී. ලෝක ක්‍රිකට් ලීගයගේ පස්වන අදියරේ තරගාවලිය සඳහාය.
ඔහු විස්සයි 20 ජාත්‍යාන්තර තරග සඳහා වර්ෂ 2019 සිට කටාර් කණ්ඩායම නියෝජනය කළේය. ඔහු 2019 වර්ෂයේ කටාර් ජාතික කණ්ඩායමේ උප නායක ධුරය දැරුවේය. රිස්ලාන් කණ්ඩායමේ කඩලු රකින ක්‍රීඩකයා ය. දකුණත් මැද පෙළ පිතිකරුවෙකි