සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඌවතැන්නේ හිමියන් බේරාගත් හැටි ගැන මන්ත්‍රී ඩයනා කියයි

by Lanka Sara Editor
ජනවාරි 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජීවිතාන්තය දක්වා සිරගත කර සිටින පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස උන්වහන්සේගේ මෑණියන් හැඬූ කඳුළෙන් පැමිණ තමන්ගෙන් කළ ඉල්ලීම අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හෙට අනිද්දා උන්වහන්සේට නිදහස ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය ලංකාසරට පැවසුවාය.

තමන් සමග ජන සමගි ජනබලවේගයේ සිටින කාලයේදී මෙම ඉල්ලීම සිදු කළ බවත් ඒ අනුව පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි නිදහස් කිරීමට අවශ්‍ය සියළුම ලිපි ලේඛන මේ වන වනවිට සකස් කර තිබෙන බවත් ගමගේ මහත්මිය අනාවරණය කළාය.

පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි නිදහස් කර ගැනීම සම්බන්ධව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගත් උත්සාහය පිළිබඳව ලංකාසර කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇය තවදුරටත් මෙසේද පැවසුවාය.

“2010 ජනාධිපතිවරණයේ දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරවීමට පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් විශාල කැපවීමකින් වැඩ කොටසක් බාරගෙන කටයුතු කළා. උන්වහන්සේ නිරතුරුවම අප සමග සම්බන්ධ වී විවිධ අයුරින් අපට උදව් කළා. කිසියම් සිද්ධියක් මත උන්වහන්සේට ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට අධිකරණය නියෝග කළා. නමුත් එම සිදුවීමට අදාල අනිත් සියලු දෙනා නිදොස් කොට නිදහස් කළා. එතැන් සිට උන්වහන්සේගේ විහාරස්ථාන භික්ෂුන් වහන්සේලා සහ මෑණියන්ට විවිධ දුක් ගැහැටවලට මුහුණ පෑමටද සිදුවුණා. ඒ සෑම අවස්ථාවකදීම මම ඒ අය සමග හිටියා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පූජ්‍ය ඌවතැන්නේ හිමි සිරගත කළ පසු උන්වහන්සේගේ මෑණියන් දැඩි ලෙස අසරණ උනා. එතෙක් එතුමිය බලා කියා ගත්තේ සුමන හිමිපාණන් විසින්මයි. නමුත් උන්වහන්සේ සිරගත උනාට පස්සේ ඇය බලා කියා ගැනීමට කිසිදු පාර්ශවයකට හැකිවුණේ නැහැ. සුමන හිමියෝ නිදහස් කර දීමට මැදහත් වන ලෙස අප හමුවට පැමිණ ඇය හඬා වැලපුණා. අම්මා කෙනෙක් ලෙස මටත් එය දරාගත නොහැකියි.

මගෙන් කළ ලිඛිත ඉල්ලීම මා ප්‍රථමයෙන්ම සමගි ජනබලවේගයේ සිටි කාලයේ දී අගමැතිවරයා වෙත බාර දුන්නා. ඉන්පසු ඉන් පසු ජනාධිපතිවරයා සමඟ ඒ ගැන සාකච්ඡා කළා. ඒ අනුව පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි ජනාධිපති සමාව යටතේ නිදහස් වේවි. මෙහිදී අහිංසක අසරණ මෑණියන්ගේ සතුට තමා මට තිබෙන ආත්ම ශක්තිය. මේ කටයුත්තට දායක වූ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් අනෙකුත් සියලු පාර්ශවයන්ටත් පිං සිදු වෙනවා” යැයි ද ඇය වැඩිදුරටත් කීවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 40000 ඉක්මවයි…

Next Post

බ්‍රහ්ම මුහුර්තයෙන් බෝධි පූජා තියන්න ගෙදර පන්සලක් හැදූ තරුණයා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.