අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

බ්‍රහ්ම මුහුර්තයෙන් බෝධි පූජා තියන්න ගෙදර පන්සලක් හැදූ තරුණයා

by editor
ජනවාරි 3, 2021 - Updated on ජනවාරි 4, 2021
in සමාජ
Share on FacebookShare on Twitter
  • පන්සල හැදුවෙ ඔහුට තාත්තා වෙන් කරලා දීපු පර්චස් 25ක
  • ගෙදර පන්සල හදද්දි තහනම් නියෝගත් අරන් තිබුණා…
  • කවදාවත් ආධාර ඉල්ලගෙන ගිය නැතත් හිතාගන්න බැරි විදිහට සමාජයෙන් ආධාර ලැබුණා…

මිනිසෙක් ලෙස මෙලොව එළිය දුටු දා පටන් අපි ජීවිතයේ විවිධ අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් වෙහෙස වන්නෙමු. නමුත්, ගෙවල් දොරවල්, යාන වාහ‍ෙ, ව්‍යාපාර, වැනි සියලු සිහින පරදා ලෞකික, ලෝකෝත්තර උභයාර්ථ සාධනය කර ගැනීමට ක්‍රියාවෙන්ම දායකවන තරුණ මහතෙක් අපට හමුවන්නේ මහව, මාකඩුවාව ප්‍රදේශයේ දීය.

තමා ජීවත්වන නිවස අසලම තම ඉඩමේ පර්චස් 25ක ප්‍රදේශය ක් වෙන්කර ගනිමින් පන්සලක් සැදූ මේ තරුණයා නමින් දර්ශන එම්. වික්‍රමසිංහ ය. විහාර මන්දිරය, දේවමන්දිරය, ප්‍රදේශය භාර අය්යනායක දෙවියන් ගේ දේව කුටිය, ඝන්ඨාර කුලුන, අට විසි බුද්ධ ප්‍රතිමා සහිත බෝමලුව, සහ දැනට ඉදි වෙමින් පවතින දාගැබ ඇතුළුව  අංග සම්පුර්ණ පන්සලක අංග සහිත මෙම පන්සල තුළ භික්ෂුන් වහන්සේ නමක් වැඩ වෙසෙන්නේ නැත. මෙය  අමුතුම ආකාරයේ කර්තව්‍යයක් බව වැටහුණු නිසාම ලංකාසර අපි මේ පිළිබඳව සොයා බලන්නටත්, මේ අභිමානවත් තරුණයා මුනගැසී කතාබහ කරන්නටත් තීරණය කලෙමු.

“තාත්තා මට දෙනවා කියල කියපු පැත්තෙ ඉඩම් කෑල්ලෙ තමයි මං පන්සල ඉදි කළේ මගෙ ගෙදර ට අඩි දහයක් එපිටින්. මගෙ අම්මා තාත්තා ඇතුලුව මට සහෝදරයො හතර දෙනයි. මගෙ එක සහෝදරයෙක් කෝටිපති ව්‍යාපාරිකයෙක්. එයා මට නිතරම ආරාධනා කරන්නේ එයාගෙ ව්‍යාපාර කටයුතුවල ට එකතු වෙන්න කියල . නමුත් මගෙ හිත  දෙන්නෙ නෑ ඒකට. මේ ඉතිං මං කැමති විදිහ තමයි.“ ඔහු කියන්නේ සිනාසෙමිනි.

දර්ශන එම්. වික්‍රමසිංහ

ජොතිෂ්‍යය වැඩ

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජෝතිෂ්‍ය වැඩ කටයුතු සම්බන්ධයෙන් ඔහු දක්වන උනන්දුව සහ ජෝතිෂ්‍ය කාර්යාලයක් පවත්වා ගෙන යනු දුටු අපි ඔහුගෙන් ඒ පිළිබඳව විමසුවෙමු.

” මගෙ කිරිඅත්තා දබටම්පිටියෙ ජී.එච්. අප්පුහාමි ගුරුන්නාන්සේ. මං පොඩි කාලෙ ඉඳල හැදුනෙ වැඩුනෙ උන්දැ එක්ක. ඒ නිසාම මං කුඩා කාලෙ ඉඳලම මේ දේවල්වල ට කැමතියි. අවුරුදු 12 විතර ඉඳන් මං ජ්‍යොතිෂය පත්තර  කියෙව්වා.. එතකොට ඒ ආශාව තවත් වැඩි වුනා. ඉගෙන ගන්න වැඩ අවසන් කරල මං 2010 අවුරුද්දේ පෑලියගොඩ රැකියාවකට ගියා. ඒකෙ ඉන්න ගමන්  මේ ශාස්ත්‍රය ඉගෙන ගත්තා. ඊට පස්සෙ මං වැල්ලම්පිටියේ සහ ගම්පහ ජෝතිෂ්‍ය කාර්යාල පවත්වාගෙන ගියා. 2014 අවුරුද්දේ තමයි ගෙදර ඉඳල මේ වැඩ කරන්න පටන් ගත්තෙ …”

ජෝතිශ්‍ය වැඩ කටයුතු හා  පන්සලක් සෑදීම යන කාරණා දෙක අතර සම්බන්ධය කුමක්දැයි ඔහු පැහැදිලි කලේ මෙසේය…….

” ජෝතිෂ්‍ය හා බුදුදහම කියන්නෙ මාවත් දෙකක්.  නමුත් ඒ දෙකෙන්ම කෙරෙන්නෙ මෙලොව පරලොව උභයාර්ථ සාධනය කර ගන්න උදව් වෙන එක. එතකොට ජෝතිෂ්‍ය කාර්යයක් නිසා තමයි මං මේ පන්සල හදන්න පෙළඹෙන්නෙ. මං මේ ජෝතිෂ්‍යය වැඩ ඉගෙන ගනිද්දි ගුරුන්නාන්සේ මට අපූරු බෝධිපූජා ක්‍රමය ක් කියල දුන්නා. මට ඒක අත් හදා බලන්න ඕන වුනා. ඒ බෝධිපූජාව පටන් ගත යුතුව තිබුනේ බ්‍රහ්ම මුහුර්තයෙන්. ඒ කියන්නෙ පාන්දර තුනේ ඉඳලවත් සූදානම් වෙන්න ඕන. ඉර උදාවෙන්න කලින් පූජාව අවසන් වෙනවා. මට මේ කාර්යය සඳහා පන්සලක් අවශ්‍ය වුනා. ඒත් මට පන්සලකින් ඒකට ඉඩක් නොලැබෙද්දි සියෝදාගම සුදර්ශනාරාමයෙ මෙහෙනින් වහන්සේ මට ඒ පන්සල මේ සඳහා යොදාගන්න ඉඩ දුන්නා.

මේ බොධිපූජා ක්‍රමය එක දිගට සෙනසුරාදාවල් 14ක් කලාම මට බලාපොරොත්තු වුන ප්‍රතිඵලය ලැබුනා. ආධ්‍යාත්මික සුවයකුත් එක්ක. ඒක අනිත් අයටත් ලබා දෙන එක හොඳ වැඩක් කියල මට හිතුනා. නමුත් කාලයක් යද්දී ඒ වැඩේ මට එතැන කරන්න බැරි තත්වය ක් උදා වුනා  විවිධ හේතු නිසා. ඒ වෙන කොට මුස්ලිම්, දෙමළ වගේ විවිධ ජාතීන් පවා මගෙ බොධිපූජා වැඩේට එකතුවෙලා හිටියා. ඒ නිසාම මං තීරණය කළා මගෙ ගෙදර වත්තෙම ඒ සඳහා සුදුසු පරිසරය සකස් කර ගන්න

සම්ප්‍රදායික ශාන්තිකර්මයකට එක් වෙමින්

වර්ෂ 2015 ඔක්තෝබර් 20 වෙනිදා මං ඒ වෙනුවෙන් අඩිතාලම දැම්මා. ඊට පස්සෙ ක්‍රමයෙන්  මෙතැන ආධ්‍යාත්මික සුවයක් ලැබෙන පන්සලක තියෙන සියලු අංග නිර්මාණය කළා.

වෙදකම

එතකොට ඔබ වෙදදුරෙකුගෙ කාර්යයත් කරනවාද. ඒක කොහොමද මේ කාරණා එක්ක සම්බන්ධ වෙන්නේ ” අපි ඇසුවෙමු.

“මගෙ කිරිඅත්තා පාරම්පරික වෙදදුරෙක් නිසා ඒ ආභාසය මට තියෙනවා.  සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට තියෙන රෝග නිර්ණය කරන්න ජෝතිෂයේ ක්‍රම වේදයක් තියෙනවා. මං කරන්නෙ ඒ ක්‍රම වේදයත්, අෂ්ට කර්මයේ තියෙන භූත විද්‍යාවත් එකතු කරගෙන බාහිර ප්‍රතිකර්ම පමණක් කරන  එක…”

පන්සලක් භෞතිකව  නිර්මාණය කිරීම යනු මූල්‍යමය ප්‍රතිපාදන අවශ්‍ය කර්තව්‍යකි. ඔහු එය සාධනය කර ගත්තේ කෙසේදැයි විමසා සිටියෙමු.

“මගෙන් ජෝතිෂ වැඩ කරගන්න එන සියලු දෙනා දෙන සියලු පඬුරු පිරිකර මං මේ ඉදිවන පන්සල වෙනුවෙන් වියදම් කරනවා. ඊට අමතරව මං මේ කරන වැඩේ දැකලා මට යහපත් මිනිස්සු අප්‍රමාණ ලෙස උදව් කරනවා. මං කවදාවත් ආධාර ඉලගෙන කවුරුත් ළඟට ගිහින් නෑ. නමුත් දෙයියනේ කියල ඒ සියලු දේ මට ලැබෙනවා. සමහර විට මං මේ වැඩේ කරන්නෙ ඉතා ම පිරිසිදු සිතින්. කිසිම යටි අරමුණක් මගෙ නැහැ. මට හැමදේම ලැබෙන්නෙ ඒ නිසා වෙන්නැති.”

භික්ෂුන් වහන්සේ නමක් නැති පන්සලක් නිවෙසක ඉඳිවනවිට බාධක එල්ල නොවුනා විය නොහැකිය. ඒ පිළිබඳව ඔහු මෙසේ පැවසුවේ ය.

බෝධි වෘක්ෂය

“බාධා එල්ල නොවුනා කීවොත් ඒක පුදුමයක් නේ. මුලදි තහනම් නියෝග පවා එල්ල වුනා.  නමුත් ඒ කිසිම දේකට මගෙ මේ යහපත් ක්‍රියාව අවුල් කරන්න බැරි වුනා. ඒ ගැන ඊට වඩා දෙයක් මං කියන්නෙ නැහැ….”

“ඒ වගේම ..පියසේන රතුවිතාන , බියගම යූ.ඒ. චන්ද්‍රසේන , දැඩිගමුවේ විල්සන්, රාජගුරු බංඩාර පරපුරේ හෙක්ටර් පද්මසිරි යන ගුරුන්නාන්සේ ලා තමයි මට මේ හැමදේටම ගුරුහරුකම් දුන්නේ. ඊට අමතරව දිවංගත ඩබ්ලියු. ලීලාරත්න සහ පොල්ගම්පොල කේ.ඇක්මන් කියන ගුරුන්නාන්සේලාත් සිහිපත් කළ යුතුයි. සේනානායක වේරලියද්ද මහත්තයාත් මගෙ පිටිපස්සෙ ඉන්නවා. මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෞද්ධ කටයුතු භාරව ඉන්න ශ්‍රියාකාන්ති මහත්මිය මට බෞද්ධ නීති උපදෙස්ටික පෙන්නල දීල උදව් කලා…”

දාගැබ ඉදි කිරීම

අලුතින් ඉදිවෙමින් ඇති දාගබ් වහන්සේ…

” දාගැබ ඉඳි කිරීමේ වැඩ හිතුවටත් වඩා ඉක්මනින් නිම වෙමින් පවතිනවා. මේ අවුරුද්දේ මාර්තු මුල විතර ධාතු නිදන් උත්සවය හා කොත් වහන්සේ පැළඳවීම උත්සවාකාරයෙන් සිදු කෙරෙනවා. ඕනෑම කෙනෙකුට ඇවිත් වැඳ පුදාගෙන යන්න පුලුවන් විදිහට මං මේ ස්ථානය ඉස්සරහටත්  වැඩි දියුණු කරනවා. මට ඕන යහපත් මිනිහෙක් විදිහට  ධාර්මිකව  ජීවත් වෙන්න …

මේ තරුණයා ගේ ජීවිත දැක්ම වෙනස්ය. ඔහු තිස් එක් වතාවක් ලේ දන් දී තිබේ. ප්‍රදේශයේ සුබ සාධන වැඩ වෙනුවෙන් කැප වේ. නිවසේ පන්සලක් හදාගෙන බ්‍රහ්ම මුහුර්තයෙන් බෝධි පූජා පවත්වන්නට සැරසෙයි. වෙදකම හා ජ්‍යොතිෂ කටයුතු කරයි. එය මේ වයසේ තරුණයෙකුගෙන් නොපෙනෙන වෙනසකි. අපූර්වත්වයක් මවන්නේ ඒ වෙනසය.

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ඌවතැන්නේ හිමියන් බේරාගත් හැටි ගැන මන්ත්‍රී ඩයනා කියයි

Next Post

පේපෑල් එනකල් ඔන්ලයින් ගනුදෙනුවලදී තිබෙන විකල්ප පාවිච්චි කරන්න

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.