පොලිස් නිලධාරීන්ට පහර දී පළා යෑමට තැත් කළ සැකකරුවෙකුට ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ දී පොලීසිය විසින් වෙඩි තබා තිබේ.
අද (23) පස්වරුවේ සිදුකළ එම වෙඩි තැබීමෙන් සැකකරුගේ පාදයට තුවාල සිදු වූ බව පොලිසිය සඳහන් කළේය.
මෙසේ පොලිස් වෙඩි පහරට ලක් වූයේ පසුගිය දා දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී කඩුවකින් පහරදි පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකි.
මෙම වෙඩි තැබීම සිදුවන්නේ අද පස්වරුවේ ඔහුව අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේ දී පොලිසියට තියුණු ආයුධයකින් පහර දී පලා යෑමට තැත් කළ අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේ දී සැකකරුගේ පාදයට වෙඩි තබා පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.







