දිනසේන රතුගමගේ
යාපනය තුන්නාලේ ප්‍රදේශයේ පදිංචිව සිටි ශංකර් සංජීව නැමති සිසුවා ජීව විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අතර ඔහුගේ අති විශිෂ්ට ප්‍රතිපලය ළඟා වන විට ඔහු මියගොස් හරියටම මාසයක් ඉක්ම ගොස් තිබේ.
මෙම සිසුවා විභාගයට පෙනී සිට නිවසේ සිටි කාලයේදී මිතුරෙකු සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී එය අනතුරට ලක් වී අගෝස්තු මස 9 වෙනිදා ඔහු මියගොස් තිබේ.
ජීව විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔහුගේ විභාග ප්‍රතිපලය ඒ (A) සාමාර්ථ දෙකක් හා බී (B) සාමාර්ථ එකකින් සමන්විත වූ අතර ඔහු යාපනය දිස්ත්‍රික්කයේ 62 වන ස්ථානයට පත්ව තිබුණි.