ලලිත් චාමින්ද
ඉන්දීය අනවසර ධීවර යාත්‍රා 3404ක් ඉකුත් වර්ෂයේ දි (2022) මෙරට මුහුදු තීරයේ නිරීක්ෂණය වී ඇති අතර ඉන් ධීවර යාත්‍රා 191ක් හඳුනාගෙන එම යාත්‍රාවන් ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පලවා හැරීමට කටයුතු කර ඇති බැව් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ඉකුත් වර්ෂයේ දී (2022) ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී ඉන්දීය ධිවර යාත්‍රා 36ක් සමග පුද්ගලයන් 264 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද නාවික හමුදාව පවසයි.
ඉන්දිය ධීවර යාත්‍රා මෙරට මුහුදු තිරය ආක්‍රමණය කරමින් මත්ස්‍ය සම්පත කොල්ලකනු ලබන බවට මෙරට ධීවර කාර්මිකයන්ගෙන් ද දිගින් දිගටම පැමිණිලි ලැබී තිබුණි.