ලලිත් චාමින්ද
අලි මිනිස් ගැටුම පාලනය කිරිම සඳහා ඉකුත් වර්ෂ දෙක තුළ (2021,2022) විදුලි වැටවල් ඉදිකිරීම, හා එහි නඩත්තු කටයුතු සඳහා රුපියල් කෝටි 228 ක මුදලක් වැයකළ ද අලි මිනිස් ගැටුම හේතුවෙන් ඉකුත් වසර පහ තුළ අලි මරණ 1867ක් හා මිනිස් මරණ 618ක් වාර්තා වී ඇති බැව් වනජීවි සංරක්ෂණ දේපාර්තමේන්තුව සම්බන්දයෙන් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.
පසුගිය වර්ෂ දෙක තුළ විදුලි වැටවල් ඉදිකිරීම සඳහා වැයකොට ඇති මුදල රුපියල් එකසියවිසිපන්කෝටි දශලක්ෂ,හැටහත්දහස්එකසිය විසිනමයකි. (1,251,067,129) එහි නඩත්තු කටයුතු සදහා රුපියල් එකසියතුන්කෝටි,දාහත්ලක්ෂ,හතලිස්එක්දහස් හාරසියවිස්සක මුදලක් (1,031,741,420) වැයකොට ඇත. මේ වනවිට ඉදිකොට ඇති විදුලි වැටෙහි දිග ප්‍රමාණය කිලෝමිටර් 4,756කි.
ඉකුත් වසර 05ක කාලය තුලදි අලි මිනිස් ගැටුම හේතුවෙන් වැඩිම අලිමරණ,මිනිස්මරණ, දේපලහානි,සහ ශාරිරික හානි සිදුවී ඇත්තේ ඉකුත් වර්ෂයේ දිය (2022) එම වර්ෂයේ දි දේපල හානි 7830ක් වාර්තා වී තිබූ අතර ශාරීරික හානි 494ක් වාර්තා වී තිබුණි.