අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්පත් කැඳවීම අද (07) දින සිට ලබන 28 වැනි දින දක්වා මාර්ගගතව සිදුකරන බව විභාග කොමසාරිස් එච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
ඒ අනුව සියලුම අයදුම්කරුවන් මාර්ගගතව පමණක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.onlineexams.gov.lk/eic හෝ www.doenets.lk හෝ විභාග දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම වන DoE වෙත පිවිස අදලා උපදෙස් හොඳින් කියවා බලා ඒ අනුවම නිවැරදිව මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කළ යුතු බව විභාග කොමසාරිස්වරයා දැනුම් දෙයි.
උක්ත විභාගය සඳහා රජයේ හෝ රජයේ අනුමත පාසල්වල ඉගනුම ලබන ශිෂ්‍යයන් තමා ඉගනුම ලබන පාසලේ විදුහල්පති මාර්ගයෙන් ද පුද්ගලික අයදුම්කරුවන් තමා විසින්ම පෞද්ගලිකව ද අයදුම්පත් යොමු කළ යුතුව ඇත.
පුද්ගලික අයදුම්කරුවන් අයදුම්පත ඉදිරිපත් කළ පසු එහි මුද්‍රිත පිටපතක් තබාගෙන අවශ්‍ය අවස්ථාවක ඉදිරිපත් කිරීමට තබා ගත යුතු බවත්, 2022 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙන් සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින නමුදු නැවත මෙම විභාගයට පෙනී සිටීමට අපෙක්ෂා කරන අයදුම් කරුවන් ද ලබන 28ට පෙර අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව විභාග කොමසාරිස්වරයා අවධාරණය කරයි.