ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ කර්මාන්ත ශාලාවේ සේවකයන් මෙන්ම යන්ත් රසූත්‍ර අද (7) දිනය වන විට උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වෙමින් උපරිම ධාරිතාවෙන් යුතුව ත්‍රිපෝෂ නිශ්පාදනය කෙරෙන බව වගකීමකින් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසයි
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන ප්‍රමිතියෙන් යුතු බඩඉරිගු සපයාගැනීමට නොහැකි වීම සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මුල්‍ය ප්‍රතිපාදන නොලැබීම නිසා පසුගිය කාලයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය ක්‍රියාත්මක කළේ බාධක මැද බව සභාපතිවරයා කියයි.
ලෝක ආහාර සංවිධානය සහ පෞද්ගලික ආයතනයක් මැදිහත්වීමෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන බව කියන සභාපතිවරයා මෙම වසරේ ඉදිරි මාස කීපය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍යවන බඩඉරිගු හා සෝයා බෝංචි අඛණ්ඩාව සැපයීම ලෝක අහාර සංවිධානය (World Food Programme) විසින් තහවුරු කර ඇති බවත් පෙන්වා දෙයි.