මෙරට ව්‍යවස්ථාවේ දැනට නොමැති උප අගමැති තනතුරක් ඉදිරියේදී අලුතින් නිර්මාණය කිරීම අනවශ්‍ය කරුණක් බවත් එවැනි තනතුරක් නිර්මාණය කොට එය මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ලබා දෙන්නේ නම් ඊට තමන් දැඩි සේ විරුද්ධ වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
එවැනි තනතුරක් නිර්මාණය වන්නේ නම් එයින් රටට විශාල ප්‍රයෝජනයක් විය යුතු බවත් මෙවැනි පුද්ගලයකු පත් කිරීමෙන් රටට කිසිදු වැදගත් සේවයක් බලාපොරොත්තු වියනොහැකි බවද විමල් වීරවංශ මහතා සඳහන් කළේ අද කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාද්‍යයට ප්‍රකාශයක් ලබා දෙමිනි.
ඔහු එහිදී දී තවදුරටත් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ කෞතුක වටිනාකමක් හැර වෙනත් කිසිදු වටිනාකමක් නොමැති බවය.