අභියෝග ජය ගැනීමට අවශ්‍ය වන්නේ ආත්ම විශ්වාසය සහ කැපවීම පමණය. වයස ඊට අදාලම නැත.
සිතාර ගුණරත්න පිළිබඳ මේ කෙටි සටහන තියන්නේ ඒ වග යළිත් ඔබට සනාථ කරනු රිසිවය.
සිතාර ගුණරත්න කියෝකුෂින් කරාතේ සහ සංගීතය ආරම්භ කළේ ඉතා කුඩා අවධියේදීය. පළමු ඩෑන් කළු පටිය දිනන විට ඔහුගේ වයස අවුරුදු 10කි. සිතාරගේ පියා විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ රන්ජිත් ගුණරත්නය. ගුණරත්නයන් අකල්හි අපගෙන් වියෝව ගොස්ය.
![](http://lankasara.com/wp-content/uploads/2022/09/WhatsApp-Image-2022-09-29-at-17.22.18.jpg)
රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස රටින් රට සිය සේවය සඳහා ස්ථානගත වෙද්දී පුලුල් අත්දැකීම් පරාසයකට නිරාවරණය වීමට සිතාරට හැකි වී තිබිණි. ඔහු ජර්මනිය හොඳින් දන්නා සංගීත ශිල්පියෙකි. ලෝකය හඳුන සංගීත කරුවෙකි. තමන්ගේම ගීත ඇල්ම තුනක් ජාත්‍යාන්තරව ජනගත කළ ශිල්පියෙකි.
එහෙත් සිතාර අවුරුදු 25 වනතුරු බොක්සිං ක්‍රීඩාව ආරම්භ කළේ නැත. ඔහු සිය ශිල්පීය දක්ෂතා ප්‍රගුණ කරගැනීම සඳහා පුහුණුකරුවෙක් සොයමින් අරගල කළේය. එහෙත් ඔහුගේ වයස පිලිබඳව තක්සේරු කළ සෑම පුහුණුකරුවෙක්ම කල්පනා කළේ ඔහු වෙනුවෙන් කරන කාලය වෙන් කිරීම පල රහිත බවය.
මේ තත්ත්වය තුළ සිතාර ස්වයං පුහුණුවක යෙදුනේය. කැපවීම සහ උත්සාහයෙන් කළ පුහුණුවීම් හේතුවෙන් මහනුවර ධර්මරාජ බොක්සිං සමාජයට සම්බන්ධවීමට අවස්ථාව ලැබුණේය. සිතාරගේ කැපවීම හා දක්ෂතාවය ශ්‍රී ලංකා ඔලිම්පික් විනිසුරු රුක්මන් වෑකඩපොල දැකගන්නේ ඒ අවස්ථාවේ දී ය. දැන් සිතාරගේ පුහුණුකරු රුක්මන් වෑකඩපොලය.
වසර දෙකකට පසු 2022 මැයි මස 19 දින ඔහු සිය මංගල තරගයට සහභාගී විය. ඔහු වට තුනක දී සියලු ලකුණු සමගින් විනිසුරු ඒකමතික තීරණය මත ඔහු ජය ගත්තේය.
“එය උපතින් ලද දක්ෂතාවයක් නොවෙයි. මේ තියෙන්නෙ කැපවීම සහ අධිෂ්ඨානය…”, ඔහු කියන්නේය.
“උපතේ දි අපි සියල්ලන්ම සමානයි. සියල්ල තීරණය වන්නෙ කැපවීම සහ අධිෂ්ඨානය මත. ගිටාර් වාදකයෙකු ලෙස මා දෙස බලන මා මම කිසි විටෙකත් හොඳ වුනේ නෑ. නමුත් මම විශිෂ්ට වීමට වැඩ කළා. ඔබේ ඕනෑම අභිලාෂයක් සාක්ෂාත් කර ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන්න… ඔබට එය නිසැකවම ලඟා කරගත හැකියි…