ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පොදුජන එක්සත් පෙරමුණෙන් තරග වැදී පාර්ලිමේන්තුවට තේරී පත්වුන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව තිබේ.
2020 මහ මැතිවරණයේ දි පාර්ලිමේන්තුවට තේරී පත් වුන ඔහු පසුව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය.
පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී වෙඩි තැබීමේ සිද්ධියක් ද වාර්තා විය.
උද්දිකගේ ඉල්ලා අසවීමේ ලියුම…








