බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උද්දික ප්‍රේමරත්නගේ රථයට වෙඩි තැබීමේ සිද්ධියට ඒ.එස්.පී සංජීව මහානාම 13 දා තෙක් රිමාන්ඩ්…

by editor
සැප්තැම්බර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • මේ පෙනෙන්නේ පොලිස් ඇමති සහ සී.අයි.ඩී ලොක්කන් තාඹුගලගෙන් කෝටි 30ක කප්පමක් ගැනීම ගැන අධිකරණයේ ඇති නඩුවක සැකකරුවන් කොටු කර කරගන්න කටයුතු කළ සංජීව මහානාමගෙන් කළ පළිගැනීමක්… නීතිඥවරු අධිකරණයට කියති….

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මේ මස 13 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මඟින් ඊයේ (6) අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මේ නියෝගය කළේය.

සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම පසුගිය 5 වැනිදා කොළඔදී අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

මෙහිදී සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මීට පෙර ස්වකීය මූලික කරුණු දැක්වීම්වලදී පැවසුවේ නීතිය පිළිබඳ ඇමැති ටිරාන් අලස්ගේත් පොලිස්පතිවරයාගේත් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් පිරිසකගේත් බලපෑම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයා දඩයම් කිරීමට උත්සාහ දරන බවය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සම්බන්ධ බවට කිසිදු විමර්ශනයකදී කරුණු අනාවරණ වී නොමැති පසුබිමක ඔහු මෙම වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවකු ලෙස නම් කළේ කෙසේදැයි නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය.

විරන්ජිත් තාඹුගල නමැත්තකුගෙන් නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රුපියල් කෝටි 30කට අධික කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධියකට අදාළ නඩුවක් අධිකරණයේ පවතින බවත් එම කප්පම් ඉල්ලීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට තම සේවාදායකයා ද (හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම) සහාය දක්වා ඇති බවත් ඒ හේතුව මත නීතිය භාර ඇමැතිවරයා සහ පොලිස්පතිවරයා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් පළිගනිමින් සිටින බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙම වෙඩි තැබීමෙන් තමා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට සහ තම මෝටර් රථයට හානි සිදු වූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ස්වකීය පැමිණිල්ල මඟින් ප්‍රකාශ කොට නැති බවත් පැවසූ නීතිඥ ජයමාන්න එවැනි පසුබිමක තම සේවාදායකයාට එරෙහිව මිනී මැරුම් සහ අනර්ථය සිදු කිරීම සහ ආධාර අනුබලදීමේ චෝදනා එල්ල කරන්නේ කුමන පදනමක් මතද යන්න ප්‍රශ්න කරන බවත් සිය සේවාදායකයාගේ රාජකාරි (සංජීව මහනාම) පිස්තෝලයෙන් වෙඩි උණ්ඩ පිටවී නැති බවට රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇති බවත් කියා සිටියේය.

මෙම සිද්ධියේ මුල සිටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වරින්වර පරස්පර කරුණු ඇතුළත් වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එවැනි වැඩිදුර වාර්තා ලෝකයේ කිසිදු රටක දක්නට නැති බවත් තම සේවාදායකයාට අපක්ෂපාති ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත් අවධාරණය කළ නීතිඥවරයා, මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අධිකරණය හමුවේ පවතින නඩුවෙන් සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මුදා හරින ලෙසත් මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර සුදුසු වෙනත් විමර්ශන කණ්ඩායමකට පවරන ලෙසත් අයැද සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙසත්ය.

පැය දෙකකට අධික කාලයක් දෙපාර්ශ්වය දැක්වූ කරුණුවලින් අනතුරුව සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස නීතිඥයන් කළ ඉල්ලීම අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.

එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් විනාඩි 45ක පමණ කාලයක් දීර්ඝව සිය නියෝගය විග්‍රහ කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට දැනුම් දුන්නේ ඇප ඉල්ලීම් ඉටු කිරීමට මෙම අවස්ථාවේ තම අධිකරණයට හැකියාවක් නොමැති බවයි.

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මේ වන විට රහස් පොලිසිය විසින් සැකකරුවකු ලෙස නම් කරනු ලැබ ඇත. ඒ අනුව සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයාට විදේශගත වීම අධිකරණය මඟින් තහනම් කොට තිබේ.

රහස් පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පවසමින් එලෙස අත්අඩංගුවට ගත හොත් තමා ඇප මත මුදාහරින ලෙස රහස් පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මඟින් අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මීට පෙර ප්‍රතික්ෂේප කළාය. අනුරාධපුර අධිකරණ – උපාලි ආනන්ද (දිනමිණ)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුවන්වැලි සෑ මළුවේදී මුණගැසුණ ඉතාලි තරුණියකට චීවර ධාරියෙක් සාපරාධී බලහත්කාරකම් කරලා…. තරුණිය පොලිසිය යයි!

Next Post

තණමල්විල ජාතික පාසලේ තවත් දැරියක දූෂණය කළ සිද්ධියක් හෙළි වෙයි… 08 වසරේ දැරිය රෝහලට… 11 වසරේ සිසුවෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.