සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උද්දච්ඡකම බිමින් තියා බිමෙන් එන හූව තිරිහන් වීමට පෙර බිම ඉන්න අප කියන කතාවත් අසන්න…

by editor
අගෝස්තු 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

ආණ්ඩුව මේ විදියට ගියොත් ඉදිරියේදී සිද්ධ වෙන දේ අප ලියා තිබේ. එහෙත් ආණ්ඩුවේ නිලමක්කාරයන්ගේ ඔළුවේ හැම ස්නායුවකම පැතිරුණ උද්දච්චකමය.  ඒ උද්දච්ඡකම මේ රජය ගොඩනැගීමට කිසිම ප්‍රතිලාභයකින් තොරව ජිවිත කැප කිරීමෙන් ඉදිරිපත් වී මේ රජයේ යහ පැවැත්ම අපේක්ෂා කරන මිනිස්සුන්ගේ අදහස් බලු බෙට්ටක් තරමට මායිම් කර නැත.

මුලින්ම මේ උන්දැලා අවබෝධ කරගත යුත්තේ ජනතාව විසින් නමක් ගමක්වත්  දන්නේ නැති හැත්ත බුරුත්ත පාර්ලිමේන්තුවට තෝරා එව්වෙ එක එකාගේ පුද්ගලික ප්‍රතිරූප මත නොව, බංකොලොත් රටක් ගොඩදැමීම සඳහා වූ වැඩපිළිවෙළකට බවය.  සියයට 3 සියයට 69 බවට පත් කර මේ දුන්නේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ය. මෙහෙයවීම සහ නායකත්වය සඳහා වු ප්‍රවේශය ය.

ආණ්ඩුව මුලින්ම ඇනගත්තේ රජයේ නිළධාරීන්ගේ රාජකාරිය රටේ නීතියට අනුව නොව උන්ට ඕනෑ විදියට කරගන්න ඉඩ දී නිකම් බලා සිටීම නිසාය.  ආණ්ඩුව හිතුවේ මාලිමාවේ රැස්පොට් එකට රජයේ නිළධාරීන් බයටම අකුරට තිතට රාජකාරි කරාවි කියාය.

අපට ඒ ගැන දැන් ලියන්න තියෙන්නේ පව් ඕයි කොම්රේඩ්ලා කියාය.

අඩුම ගානේ පුරවැසියන් එවන ලිපියකට පිළිතුරක්වත් නොලියන රජයේ කාලකණ්නියන් පිරිසක් දැන් බෝවී සිටී. ඇමතියා අමාත්‍යංශයේ සිටියාට උන් ගැන සොයා නොබලන බව මේ කාලකණ්නියන් දනී. රාජපක්ෂ යුගයේ ඇමතියා හලෝ යැයි ආමන්ත්‍රණය කළ විට අමාත්‍යංශ ලේකම් පුටු වල බඩ ගිය වුන් දැන් අප්පට සිරි ගණයේ “පුරන් අප්පුලා” වෙලාය. මේ වෙන විට මාලමා ඇමතිවරුන් ජෝකරයන් බවට පත් වී හමාරය. නීතිය හා සාමය ඇමතියා තමන්ගේ උපදේශකයා කරගෙන ඉන්නේ තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කළ අපරාධකාරයෙකි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

පපුවට ගසාගෙන කී කතාව යළිත් අහන්න…

ඉතින් වෙන කතා කවරේදැයි විපක්ෂය ප්‍රශ්න කරන විට රෙද්දේ කක්කා හැර වෙන දෙයක් ආණ්ඩුවට ඉතිරි වන්නේ නැත. ජාතික ජන බලවේගයට මුල් ගල තැබූ අශෝක පීරිස් ගේ කණෙන් අල්ලා පුකට පයින් ගසා දොට්ට දැමූ ආණ්ඩුවක කන්‍යා භාවය ගැන පුරවැසියන්ට චකිතයක් මතු වෙමින් තිබේ. එහිදී අපට සිහිපත් වන්නේ ජනපතිවරණයෙන් පසු දිනක අනුර සහෝදරයා සිරස මාධ්‍ය සාකච්ඡාවක් අවසානයේදී පපුවට අත තබා ගෙන පුරවැසියන් ගේ ඇස් වලට කඳුළු එන තරමට කළ ප්‍රකාශයයි.

මෙහිදී අනුර සහෝදරයා පැවසුවේ මාලිමාව බලයට ඒම සඳහා දුන් පොරොන්දු කඩ කරන්නේ නම් තමන් ඇතුළු මාලිමා නායකයන් මිනිසුන් නොවිය හැකි බවය. එහෙත් හංවඩු ගැසූ දූෂිතයන් මාලිමා ආණ්ඩුවේ ඔඩොක්කුවේ හුරතල් වන හැටි දකින අසන අපට නම් දැන් අනුර සහෝදරයා කළ ඒ සඳහන ගැන සැකයක් සාංකාවක් මතු වෙන තරමට වැඩ සිද්ධ වෙමින් තිබෙන බව කිව යුතුය. ආණ්ඩුවට එරෙහිව බොහෝ අවලාද අපවාද සමාජය තුළින් හීන් සැරයෙන් මතු වූයේ මේ කෙරුවාව නිසාය.

හීන් සැරයෙන් ආණ්ඩුවට එල්ල වෙමින් තිබුණ එම ප්‍රහාරය දැන් උත්සන්න වෙමින් තිබේ. ආණ්ඩුව බලයට පත් කරවීමට දායක වූ සමීපතමයන් බොහෝ දෙනෙක් දැන් ආණ්ඩුව අත් හැර ගොසිනි. ආණ්ඩුව ආරක්ෂා කර ගන්නට දැන් ඉන්නේ ඇට්ටකුනා වුන ජවිපෙ ක්‍රියාකාරිකයන් විතරය. මේ ඇත්ත නැත්ත ගමකට ගියා නම් හොයා ගන්න පුළුවන.

යෞවන සමාජවල පිහිටුවමින් නා ගැනීම

අනුර සහෝදරයාගේ ජනප්‍රිය කයිවාරුවෙන් ආණ්ඩුව ගොඩ දාන වැඩේ හැමදාම කරන්නට නොහැකි බව දැන් ආණ්ඩුව වටහා ගත යුතුය .දැන් රට පුරා සිද්ධ කෙරෙන යෞවන සමාජ කෙරුවාවෙන් ඒ ගැන සිතා ගත හැකිය.

යෞවන සමාජ යනු ආරම්භයේ සිටහ තනිකර දේශපාලන ගූ ගොඩකි. ඒ දිනවල යෞවන සමාජවල සිටි වුන් වර්තමානයේ පැහැච්ච දේශපාලනයේ නියෝජනය කරන පිල හොයා බැලූ විට එදා යෞවනයන් ගේ කෙරුවාව විනිශ්චය කර ගත හැකිය. නාමල් බබා නිල් පාට ඇන්දුවේද මේ යෞවන සමාජ වල කොල්ලන්ට කෙල්ලන්ට මිස පිටරටින් ආනයනය කළ පැටවුන්ට නොවේ. ඒ දිනවල යෞවන සමාජ දේශපාලනීකරණය වෙනවා යැයි විලාප තැබූ එකෙක් මේ සම්මත්ජාතියේ අහල පහලවකත් නොසිටියේය. යෞවන සමාජ හැදීමේ ආණ්ඩුවේ මෙහෙයුම  කඩාකප්පල් කිරීමට දැන් පෙරමුණ ගෙන සිටින්නේ  ඒ දවස්වල නාමල් හාමුලාගේ රිස්ස පිනවන්නට දෙකට නැවීගෙන පස්ස උස්සාගෙන වලිගය වැනූ වාහෙලා හා වාහිලාය.

යෞවන සමාජ හදන්නට යන මාලිමා ඇමති පොරවල් තක්කඩි නාකි යෞවන යෞවනියන් ගෙන් හූ සංග්‍රහයන් විඳින හැටි පුරවැසියන් දැන් නරඹමින් සිටී. මේ තක්කඩි නාකි යෞවන යෞවනියන් තනිකර රූකඩය .උන් එළිපිට කරන මදාවිකාර චැලෙන්ජු තුළ සැඟවී ඇත්තේ නිල් බලකායේ වහල් චින්තනයයි.

එසේත් නැතිනම් සමගි ජනේ විලි ලැජ්ජා නැති දේශපාලනයයි. මේ නාකි යෞවනයන් කිසිම හිරිකිතයකින් තොරව කොත්තු රොටි සංවිධානයක් ලෙස පෙනී සිටිමින්  ආණ්ඩුවට එරෙහිව අගෝස්තු 06 වන දාට කොළඹට එන ලෙසටද ආරාධනා කර තිබේ.

ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුවේ කෙරුම්කාරයන් තවදුරටත් අට සිල් සමාදන් වී “අනේ  ඉතින් අපි අටසිල් උපාසක – ඉබ්බන්නේ පුච්චන්නේ අනෙක් පිට” යැයි ප්‍රශ්නය සැහැල්ලුවට ගොඩ  දාගන්න සිතා ගෙන ඉන්නවාද කියන එක ගැනය.

බලයට පත් වූ දා සිටම ආණ්ඩුව වැඩ කෙරුවේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා යැයි පැවසෙන බාවනාව හිතේ තියා ගෙනය. ඒ සත්ව කරුණාව ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳ නැති බව අතේ ඇඟිලි කොරවෙන තුරු අප ලියා තිබේ. එහෙත් ආණ්ඩුවේ කෙරුම්කාරයන්ට ඒවා විහිළු විය. ආණ්ඩුව කෙරුම්කාරයන් ඇට දෙක කස කසා ගත් ආතල් එක දැන් හමාර වී ඇත්තේ ඇට දෙක වසාගෙන කුෂ්ඨයක්  පැතිරී ගොස් ඇති නිසාය. මේ කුෂ්ඨය ඉක්මනට හොඳ කර ගත්තේ නැතිනම් මාලිමා ඇමති අයියාලට ගම් නියම්ගම් වලදී මේ වන විට ලාවට සංග්‍රහ කරන හූවෙන් නොනැවතී ඇඳ ගෙන සිටින අමුඩයද ගලවා ගන්නා වටපිටාවක් නිර්මාණය වීමට ඉඩ තිබේ.

යෞවන සමාජ ආරම්භයේ සිටම සිදු වූ ඇත්තේ සෙක්කුවේ බඳින ගොනාගේ ගමනට සමාන ක්‍රියාවලියක් මිස වෙන හරුපයක් නොවේ.එය නිර්දේශපානීකරණය කළ යුතු යැයි දැන් විලාප දෙන්නේ යට ගිය දවස ආණ්ඩු බලයේ සිටි දේශපාලන පක්ෂවලින් සෙක්කුවේ බැන්ද වස්සන් මිස වෙන වහංගත නොවන බව මේ විලාප දෙන වුන්ගේ ජාතක උප්පැන්න  කියවන විට තේරුම් ගත හැකිය. එහෙත් අප ඒ ගැන තේරුම් ගත්තාට වැඩක් නැත

ආණ්ඩුව ඒ ගැන අනාවරණය කළ යුතුය. මැති ඇමතිවරුන්ගේ නල්ල මලේ මාධ්‍ය ලේකම්ලා ඒ වැඩේට බැස්සා නම් හරිය.

එහෙත් දැන් ඉන්නේ පැලවත්තෙන් ස්වීචය වැටෙන තුරු කට බලියං ඉන්නා මාධ්‍ය ලේකම්ලා නිසා ඒ වැඩේ ගැන අපට අදහසක් හිතා ගන්නට නොහැකිය.

ඒ නිසා අපට ඒ ගැන ලියන්නට තියෙන්නේ වඳින්න යන කිරිකෝඩුට බුද්ධං සරණේ සරණයි කියා පමණය.

අගෝස්තු 06 වෙනිදාට ආණ්ඩුවෙ යෞවන සමාජ සංවිධාන කිරීමට කෙලවන්නට කොළඹට වරෙල්ලා යැයි මොරදෙන හා විලාප දෙන රූකඩ නාකි යෞවන ජාතකය වැදූ අවජාතක පීතෘ වරුන් ගේ හැඳුනුම්පත රටට හෙළි කිරීම ආණ්ඩුවේ වගකීම හා යුතුකමය.

බලයේ බලය දැනගෙන දේශපාලනය නොකිරීම

දැන් මේ ආණ්ඩුව දේශපාලන බූරු පිටියේ  බාල්දු  වෙන සයිස් එකට වැටී සිටී.

ඒ තමන්ගේ බලය තේරුම් ගෙන පාලනයට අත නොගැසූ නිසාය. යෞවන සමාජ වලින් ඇරඹෙන මේ හූව “නාකි සමාජ” වලට බෝ වීමට ඉඩ ඇති බව මාලිමා උද්දච්චයන් වටහා ගත යුතුය.

දැන්වත් ආපසු හැරී බලපල්ලා යැයි අපට ලියන්නට සිදු වී තිබේ. පුරවැසියන් තවමත් සිටින්නේ විකල්ප දේශපාලන නායකත්වයක් නැති කමේ විලි රුදාවෙනි.  එහෙම තිබුනා නම් මාලිමා උද්දච්චයන් ගේ  කයිවාරුවට තිත තබා හමාරය.

දැන් අපට නැවත මාලිමා ආණ්ඩුවට සිහිපත් කරන්නට ඇත්තේ මෙච්චරය. බලයට ඒමට දුන් පොරොන්දු  ඉටු නොකර නුඹලා මිනිසුන් නොවන බව පුරවැසියන් තේරුම් ගැනීමට පෙර තමන් මාස හය හතක් සිදු කරන ලද වැරදි  හදා ගැනීම කොයි කාටත් හොඳ බවය.

එහිදී මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒමට වලි කෑ හිතවතුන් සමීපතමයන් හා ක්‍රියාකාරීන් අමනාප කරගනිමින් අළුත් “මරිසි” යාළුවන් ළඟට ගනිමින් කරන මේ  කොටු පැනීමේ සෙල්ලම නතර කළ යුතුය.

පෝද්දල ජයන්තගේ නම කියන විට “පෝ” යන්න විතරක් එළියට පනින්නේ ඒ ඩබල් ගේම් නිසා බව දැන් අපට සැක සිතේ.

ටිරාන් අලස්ද එසේත් නැතහොත්  මාලිමාව කෙරෙහි විශ්වාසය තැබූ පුරවැසියන්ද යන අයවළුන් අතරෙන්  වැඩි වටිනාකමකින් යුක්ත කවර පාර්ශවයක්ද යන්න ගැන ආණ්ඩුවේ කෙරුම්කාරයන් අවසන් විනිශ්චයකට එළඹිය යුතුය. ටිරාන් අලස් විසින් සිදු කළ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වේද යන්න ගැන පුරවැසියන් ඇස් කන් ඇරගෙන බලා කුකුසෙන් සිටින බවද ආණ්ඩුවට අප සිහිපත් කරන්නට කැමතිය. පුරවැසියන් තවමත් ඒ ගැන විනිශ්චයකට එළඹ නැත. උඩ දාගෙන හොරු අල්ලන සෙල්ලම ටිරාන් අලස්ට වලංගු නොවන්නේ නම් මාලිමාව කිරිබත් සමග අසූචි කන්නේ යැයි පුරවැසියන්ට වැටහෙන දවසක් එළඹෙන බව ආණ්ඩුව තේරුම් ගත යුතුමය.

කන්ද උඩ දේශනාවේ එක් තැනක ලියවී ඇති මේ සඳහන ආණ්ඩුවේ හා පැලවත්තේ කෙරුම්කාරයන්ට ගලපා ගැනීම වැදගත්ය.

“..ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවකුට නුපුළුවන. මන්ද ඔහු එක්කෙනෙකුට වෛර බැඳ අනෙක් අයට  ප්‍රේම කරන්නේය. නැතහොත් එක්කෙනෙකුට ළැදි වී ,අනෙක් අය හෙළා දකින්නේය. දෙවියන් වහන්සේට හා වස්තුවට සේවය කරන්නට  ඔබට නොහැකිය..”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අද දෙවුන්දර වෙඩි තැබීම සීසීටීවී කැමරාවක…

Next Post

කෙහෙල්බද්දර පද්මේ ගේ ගෝල ගම්පහ දේවා රටින් පනින්නට යද්දී අත් අඩංගුවට…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.