ශ්‍රී ලංකාවේ රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා අද (03) ආගමන විගමන බලධරීන්ට නියොග කළේය. මිග් යාන ගනුදෙනුව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක් මත විදේශ ගමන් තහනමකට ලක්ව සිටින උදයංග වීරතුංග සිය නීතීඥවරුන් මඟින් කරන ලද ඉල්ලීමක් මත මහෙත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංචාරක ප්‍රවර්ධනය කටයුතු සඳහා එම තානාපතිවරිය කළ ආරාධනාව සහයෝගය ලබා දීමට මිග් යානා ගනුදෙනුවේ පළමු සැකකරු වන උදයාංග වීරතුංගට විදේශගත වීම වළක්වාලමින් 2020 දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගය තාවකාලිකව ඉවත් කරන ලෙස අද දින අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් විසින් 2015 දී දූෂන මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත කළ පැමිණිල්ල මූලිකවම 2015 මාර්තු 26 දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකරන ලදී.
අදට මෙම විමර්ශන නඩුව වසර 8 කට වැඩි කාලයක් කොටුව උසාවිය තුළ කැඳ ව ඇති අතර බී වාර්තා 66 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් ගොනුකර ඇති බව පවසයි. එම නඩු ගොනුව පිටු 2000 ආසන්න වුවත්, තවමත් අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බව උදයංග වීරතුංග පවසා සිටියේය..
“පසුගිය කාලයේදී “එරෝෆ්ලොට්”, “AZUR Air” සහ “Red wings” රුසියාවේ සිට ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට, මම මූලිකත්ව ගෙන කටයුතු කරා. එනිසා දැනටමත් එම ගුවන්යානාව 265 කින් සංචාරකයන් 85,000 ක් පමණ ලංකාව ඇවිත් තියෙනවා. ඒ හරහා රටට විශාල විදේශ විනිමයක් ලැබුණා.
“දැනටමත් වසර 10 කට වැඩි කාලයක්‌ම මත්තල ගුවන් තොටුපල ට Regular Flight ගෙන්වන්න මෙම බලධාරීන්ට බැරි වෙලා තියෙනවා. නමුත් මට පුලුවන් වුනා, “Red wings” ගුවන්යානා හරහා පළමු වරට මත්තල ගුවන් තොටුපලට Regular Flight වශයෙන් ගුවන් ගමන් ආරම්භ කරන්න. දැනටමත් ඒ ගුවන්යානාව 62 කින් සංචාරකයන් 22,897 පමණ මත්තල හරහා ලංකාවට පැමිණ තියෙනවා” යයිද උදයංග වීරතුංග තවදුරටත් කියා සිටියේය.