සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු මුහුදේ ඉන්දීය ධීවර කොල්ලයට එරෙහිව උතුරේ ධීවරයෝ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය වටලති!

by editor
ජූනි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණීම හා උතුරේ ධීවරයින් සතු මත්ස්‍ය සම්පත කොල්ල කැම වහාම නවතා දෙන ලෙස බලකරමින් යාපනයේ ධීවර සමීති 11 ක් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී  ඊයේ (18)  විරෝධතාවයක නිරත වූහ. 

ධීවර සමීති නියෝජිතයන් කියා සිටියේ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයට නරේන්ද්‍ර සිං මෝදි   තුන් වන වරටත් තේරී පත් වී සිටින නිසා ඔහු සමග සාකච්ඡා කොට වහාම මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන ලෙසයි. 

ඉන්දිය ධීවරයින්ගේ පැමිණීම නිසා උතුරේ ධීවරයින්ට සතිකකට රුපියල් කෝටි 40 ක පමණ මත්ස්‍ය අස්වැන්නක්   අහිමි වන බවත් එම ධීවරයින්ගේ  ට්‍රෝලර්  යාත්‍රා නිසා මත්ස්‍ය පැටවුන් හා බිත්තර විනාශ වීම පමණක් නොව මුහුදු පැලෑටි විනාශයක්ද සිදු වන බවත් යාපනයේ ධීවර සමිති නියෝජිතයෝ ඉන්දීය බලධාරීන්ට පෙන්වා දුන්හ. 

මේ අනුව බලන විට ඉන්දීය ධීවරයින්ගේ  ආක්‍රමණය  නිසා කෙටි කාලීන හා  ඉතා දීර්ග කාලින වශයෙන් විනාශයන් රැසක් සිදුවන බවද ඔවුන් සඳහන්  කොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ධීවර සමීති නියෝජිතයින් විසින් රැගෙන එන ලද ඔවුන්ගේ මෙම ඉල්ලීම් හා කරුණු ඇතුළත් විශේෂ ලිපිය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් විසින්  ඉන්දීය රජයට යැවීම පිණිස බාර ගෙන තිබේ.

ඊයේත් ධීවර කොල්ලය ක්‍රියාත්මකයි!

යාපනයේ ධීවරයින් ඉන්දිය ධීවර කොල්ලයට එරෙහිව යාපනය නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වටකර උද්ඝෝෂණ පැවැත්වූ ඊයේ දිනයේත්  ඩෙල්ෆ්ට් මුහුදු සීමාවට බලහත්කාරයෙන් පැමිණ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රාවක් නාවික හමුදාව විසින්   අත් අඩංගුවට ගෙන තිබිණි. 

නීති විරෝධී ලෙස උතුරු මුහුද ආක්‍රමණය කරමින් මෙම ඉන්දීය ධීවරයින් විසින් අල්ලා ගන්නා ලද මසුන් කිලෝ ග්‍රෑම් 700 ක් පමණද ඔවුන්ගේ දැල් හා ධීවර ආම්පන්නද නාවික හමුදාව විසින් අත් අඩංගුවට  ගත්තේය.

අත් අඩංගුවට ගත් මසුන් මුහුදට දමා විනාශ කිරීමට කටයුතු කළ නාවික හමුදාව ඔවුන්ගේ යාත්‍රාව සිය බාරයට ගෙන ධීවරයින් හතර දෙනා කන්කසන්තුරේ වරායේදී ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත බාර දී ඇත. 

ධීවර පරීක්ෂක නිලධාරීන් ඔවුන්ව යාපනය මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

නාවික හමුදාව විසින්  2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා විසි හතරක් සහ ඉන්දීය ධීවරයින් එකසිය අසූ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.

යාපනයේ ධිවයින් කියන්නේ මේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දහස් ගණක් වූ ආක්‍රමණික ධීවර බෝට්ටුවලින්  ඉතාම කුඩා ප්‍රතිශතයක් පමණක් බවය.

අත් අඩංගුවට ගත් බෝට්ටුව…
Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ ගැත්තන් හෙට පවත්වන අනීතික විධායක සභාව වර්ජනය කරන්න… රෝහණ ලක්ෂමන් ශ්‍රී.ල.නි.ප. විධායක සභිකයන්ගෙන් ඉල්ලයි!

Next Post

මිනිස් සිරුරේ මස් කන බැක්ටීරියාව රටට ඇතුළුවීම වැලැක්වීමට අවශ්‍ය අවේෂණ ශක්තිමත් කරන්න… GMOA රජයෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.