ශ්‍රියානි විජේසිංහ –
පෞද්ගලික වෛද්‍ය ආයතනයන්හී සුදුසුකම් නොලත් ඇතැම් වෛද්‍යවරු පැරසිටමෝල් නොව වේදනානාශක ඖෂධ උණ රෝගීන්ට ලබා දීමට කටයුතු කරන බවත් මෙය ඩෙංගු රෝගීන්ට ඉතා භයානක තත්ත්වයක් බවත් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක සඳහන් කරයි.
මෙම වරදම සුදුසුකම් ලත් ඇතැම් වෛද්‍යවරුන් ද සිදුකරන බව හෙතෙම පෙන්වාදේ.
මේ දිනවල ඩෙංගු , ඉන්ප්ලුවන්සාව, හා වෙනත් වෛරස් රෝගයන් පැතිර යන බැවින් එම රෝගයන්ගේ ලක්ෂණයක් ලෙස දින කීපයක් උණ සහ ඇගපත වේදනාව පවතින බැවින් මෙම වේදනාවන් අවම කර ගැනිමට ඇතැම් වෛද්‍යවරුන් වේදනානාශක දීමට පුරුදු වී සිටින බව විශේෂඥවරයා සඳහන් කරයි.
විශේෂයෙන්ම මේ දිනවල ඩෙංගු රෝගීන් විශාල වශයෙන් වැඩිවන බැවින් යම් හේතුවකින් ඩෛංගු රක්තපාත රෝගී තත්තවයට පත් වුවහොත් එම ඖෂධ භාවිතය හේතුවෙන් අක්මාවට හානි සිදුවී රබපතල තත්ත්වයන්ට පත්විය හැකි බව වෛද්‍යවරයා පෙන්වාදේ.
එම නිසා මේ දිනවල උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යන විට වෛද්‍යවරයා ලබා දෙන ඖෂධ පැරසිටමෝල් නොවන ඖෂධ ද යන්න පිලිබදව වෛද්‍යවරයාගෙන් අනිවාර්යයෙන්ම විමසන්නැයි වෛද්‍ය දිසානායක ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.