ශ්‍රියානි විජේසිංහ –
මැයි 10 – 16 වන දින දක්වා කාලය තුළ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ප්‍රතිකාර සඳහා පුද්ගලයින් 1706ක් ඇතුළත් කර ඇති අතර ඉන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තාවේ.
මින් පුද්ගලයින් 775ක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර ඉන් 322ක් සැත්කම්වලට ලක් කර තිබේ. මින් 26 දෙනෙකු ස්නායු සැත්කම් වලට ලක් කල බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව අද (17) එම කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේය.
මෙසේ අනතුරුවලට ලක්වූ පුද්ගලයින් අතර 200 දෙනෙකු ප්‍රචන්ඩක්‍රියා හේතුවෙන් දරුණු කැපීම් වලට ලක්වූ බවද රිය අනතුරු හේතුවෙන් 355 ක්ද රෝහල් ගත කර ඇති බව ද විශේෂඥවරයා පෙන්වාදේ.
කෙසේ නමුත් හදිසි අනතුරු අංශයට අතුළත් කළ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා සතියක කාලයක් තුළ සෞඛ්‍ය අමාත්‍යංශයට රුපියල් මිලියන ගණනක මුදලක් වැයකිරිමට සිදුව ඇතැයිද වෛද්‍ය බටුවන්තුඩාව සඳහන් කරයි.
.







