ලලිත් චාමින්ද –
හබරාදූව පොලිස් වසමේ උණවටුන, යද්දෙහිමුල්ල ප්රදේශයේ හෝටලයක ලැගුම්ගෙන සිටි විදේශිකයෙකු දලවැල්ල මුහුදු තීරයේදී දියේ ගිලී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එහි ප්රතිකාර ලබමින් සිටියදී අද (12) අළුයම මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ රුසියානු ජාතික ජාතිකයෙකු වන අතර පසුගිය 2021.12.10 දින දලවැල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටි අවස්ථාවේ මොහු දියේ ගිලීමට ලක්ව ඇත.
ප්රදේශවාසීන් විසින් මෙම විදේශීය ජාතිකයා බේරාගෙන 1990 ගිලන්රථ සේවාව මගින් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි ප්රතිකාර ලබමින් සිටියදි 2021.12.12 වන දින දින අළුයම 0400 ට පමණ මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය මගින් වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි .







