අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උණවටුනේ අසරණ වූ  යුක්රේන් සංචාරකයන්ට නොමිලේ කෑම බීම ඉඳුම් හිටුම් දෙන උණවටුනේ මිනිස්සු!

ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නෑ... මේ අය නඩත්තු කිරීම හැමදාමත් කරන්න බෑ.... හෝටල් හිමියෝ කියති!

by editor
පෙබරවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

යුධවතාවරණය නිසා සිය රටට යාමට නොහැකිව   මේරට රැදිසිටින  යුක්රේන් ජාතික විදේශිය සංචාරකයින් වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද  රජයට කිසිදු  වැඩපිළිවෙළක්  නොමැති බැව්  උණවටුණ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපති රුපසේන කොස්වත්ත   පවසයි.

කෙසේවුවද  සිය හෝටලය තුළ රැදිසිටින   රුසියානු හා යුක්රේන් ජාතිකයින් ඔවුනොවුන්  ඉතා සුහදව මිත්‍රත්වයෙන් කටයුතු කරණ බවද රුපසේන කොස්වත්ත කියයි.  රුසියාව හා යුක්රේනය අතර ඇතිවි තිබෙන යුධ ගැටුම  මෙරට සංචාරක කර්මාන්තයය ඇති වි තිබෙන බලපෑම පිළිබද විස්තර කරමින්  හෙතෙම මෙසේද කිවේය.

රූපසෙන කොස්වත්ත
රූපසෙන කොස්වත්ත

“පසුගිය කාලයේ සංචාරක කර්මාන්තය තුළ ලොකු ප්‍රවර්ධනයක් ඇතිවෙමින් තිබුණා. එය අපිට විශාල අස්වැසිල්ලක් වුනා. උණවටුණට පැමිණි සංචාරකයින් අතුරින් වැඩියෙන් ඉන්නේ රුසියානු හා යුක්රේන් සංචාරකයින්. රුසියාව හා යුක්රේනය අතර ඇතිවෙලා තියෙන යුධවාතාවරණය නිසා යුක්රේන් සංචාරකයින් දැඩි අපහසුතාවයට ලක්වෙලා තියෙනවා. ඔවුන්ගේ ගුවන් ගමන් අවලංගුවෙලා තියෙනවා. ඔවුන්ට ඊමෙල් හෝ අන්තර්ජාලව මගින්  කිසිදු සම්බන්දතාවයක් යුක්රේනය සමග පවත්වාගෙන යන්න බැරිවෙලා තියෙනවා.  තොරතුරු ලබා ගැනිමේ හැකියාවක් නැතිවෙලා තියෙනවා. ඔවුන් අසරණ වෙලා කල්පනා කරනවා කුමක්ද කරන්නේ කියලා.“

ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ…

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

“මගේ හෝටලයේ යුක්රේන් හා රුයියානු ජාතිකයින්  නතරවෙලා ඉන්නවා. නමුත් ඔවුන් දෙගොල්ල ඉතා සුහදව මිත්‍රත්වයෙන් කටයුතු කරනවා. මේක මිනිසුන් අතර පවතින යුද්ධයක් නෙවෙයි. මෙය දේශපාලන යුද්ධයක්.

මෙවර සංචාරක සමයේ දි රුසියානු හා යුක්රේන් ජාතිකයින් විශාල පිරිසක් පැමිණිම නිසා සංචාරක කර්මාන්තය තුළ  පිබිදීමක් ඇතිවුනා. උණවටුන සංචාරක කලාපයේ සංචාරක කර්මාන්තයේ නිරතව සිටින අයගේ  අතමිට සරුවුනා. ආදායම වැඩිවුනා. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වුනා. මේ වගේ ගැටලුවක් ඇතිවු විට සංචාරක මණ්ඩලයට හෝ  සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ   රාජ්‍ය ආයතනවලට  වැඩපිළිවෙළක් නැහැ කුමක්ද කරන්නේ කියලා.

ඇතැම් සංචාරකයින්ට ඔවුන්ගේ රටට යාමට අවශ්‍යයි. නියමිත දිනට යාමට නොහැකිවුනොත්  ඒ අයගේ ගුවන් ටිකට්පත් අවලංගුවෙනවා. ඒ අයට ප්‍රශ්නයක් ඇතිවෙනවා අලුතින් ටිකට් එකක් ගන්න ඕනද නැතිනම් තියෙන ටිකට්පතින් යන්න පුළුවන්ද කියලා. එම රටවල්වලින් කියන්නේ අලුතින් ටිකට්පතක් ගන්න ඕන කියලා. මේ අවස්ථාවේ අලුතින් ටිකට්පතක් ගැනිමේ දි විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඉතා සිමිත මුදලක් ප්‍රමාණයක් අරගෙන තමයි මේ අය ඇවිත් තියෙන්නේ. මේ නිසා එම සංචාරකයින් අසරණ වෙනවා. ඒ අය ලබාගත් විසා දික්කරනවාද නැතිනම් අලුතින් විසා ගන්න වෙනවාද කියා රජය ප්‍රකාශයක් කළ යුතුයි.  මේ  අයට ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් සංචාරකයින් කදුළු සලමින් ඉන්නේ.“ යැයිද රුපසේන කොස්වත්ත   කිවේය.

කන්න බොන්න දෙන්නෙ නොමිලේ

රූපසෙන කොස්වත්ත

උණවටුන සංචාරකයින් සංගමයේ ලේකම් සුමිත්  උබේසිරි   මෙසේ කිවේය.

“යුධ වාතාවරණයක් සමග සියල්ල  කණපිට පෙරලුණා. ඉදිරියේ දි ලොකු අවදානමක් තියෙනවා. සංචාරකයින්ගේ බුකින් අවලංගුවෙලා තියෙනවා.  දැනට අපි මේ අයට නොමිලේ  කෑම බිම ලබාදෙනවා. එකත් හැමදාම කරන්න බැහැ. මෙම තත්වය නිසා අපේ රටේ සංචාරක කර්මාන්තයට  දැඩි බලපැමක් එල්ලකරාවි“  හෙතෙම පවසයි.

උණවටුනේ රැදි  සිටින යුක්රෙන් ජාතික විදේශිය  කාන්තාවක් මෙසේ  කිවාය.

පසුගිය දිනවල අපිට නින්දක් තිබුණේ නැහැ. අපේ  ගුවන් ගමන් අවලංගුවෙලා අපි උපකාර පැතුවත් එය සාර්ථක වුනේ නැහැ. කිසිදු තොරතුරක් අපිට ලබාගැනිමට  නොහැකිවෙලා තියෙනවා  අපි අසරණ තත්වයට පත්වෙලා ඉන්නවා යැයි ඇය කිවාය.

උණවටුණේ දි අපිට හමුවු  යුක්රේන් ජාතික විදේශිකයකු අප සමග මෙසේ කිවේය.

යුද්ධය හා ප්‍රචණ්ඩත්වය හොඳ දෙයක් නෙවෙයි..  මම යුක්රේන් ජාතිකයකු වුනත් මගේ බිරිය  රුසියානු ජාතික කාන්තාවක්. යුද්ධය දිගටම පැවතුනහොත් අපි දෙපිරිසටම එහි නරක ප්‍රථිපල භුක්තිවිදිමට සිදුවෙනවා. ඒ නිසා  මේ  යුද්ධය ඉක්මනින් නතරවිය යුතුව ඇති බවද  ඔහු කිවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියානු ධීවර කොල්ලකරුවන් 07ක් නාවික හමුදා අත්අඩංගුවට…

Next Post

වසර හතරකදී පාකිස්තාන කාන්තාවන් 40,000ක් පැහැරගෙන

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.