දිනසේන රතුගමගේ –
මන්නාරම මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු සහ ඔවුන් පැමිණි ටෝලර් යාත්‍රාවක් නාවික හමුදාව විසින් අද (27) අලුයම මන්නාරමත් තලෙයිමන්නාරමත් අතර මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින්ට අයත් යාත්‍රාව නාවික හමුදාව බාරයේ තබා ගෙන ධීවරයින් පිරිස මන්නාරමේදී ධීවර නිලධාරීන් වෙත බාර දීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
ඉන්දීය ධීවරයින් විසින් අල්ලා ගන්නා ලද මසුන් තොගයක්ද නාවික හමුදාව බාරයට ගෙන ඇති අතර මෙසේ නීති විරෝධී ලෙස මන්නාරමට පැමිණ ඇත්තේ ඉන්දියාවේ රාමේස්වරන් ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් බවද නාවික හමුදාව ප්‍රකාශ කරයි.
උතුරේ නාවික හමුදා නිලධාරීන් ප්‍රකාශ කලේ ඉන්දීය ධීවරයින් වැඩි වශයෙන් යාපනය මුහුදු සීමාව දෙසට පැමිණීමේදී නාවික හමුදාවෙන් අත් අඩංගුවට ගන්නා නිසා මන්නාරම් ප්‍රදේශයට මේ දිනවල ඔවුන්ගේ පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
නමුත් මන්නාරම ප්‍රදේශයේද නාවික හමුදාව යාපනයටත් වඩා දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව උතුරේ නාවික හමුදා නිලධාරීන් සඳහන් කරයි.