අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊළඟ මැතිවරණයේ රනිල්ගේ ඉලක්කය ඡන්ද ලක්ෂ 70ක්

by Lanka Sara Editor
මාර්තු 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද ලක්ෂ 70ක් ලබාගත යුතු බවත් සියලු පාර්ශව ඒකරාශී කරගනිමින් එම ඉලක්කය කරා යෑමට සියලුදෙනා කැපවී ක්‍රියාකළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එම ඉලක්කය සපුරාගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී අපෙන් ඈත්වූ සිංහල බෞද්ධ, කතෝලික, මධ්‍යම පාන්තික ඡන්ද දායකයින්ගේ ඡන්ද මෙන්ම එක්සත් ජාතික පක්ෂය හැරගිය අයගේ ඡන්ද නැවත පක්ෂය වෙත ලබාගත යුතු බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (23) වෙනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති එජාප සංවිධායකවරුන් සහ කළමණාකරුවන් දැනුවත් කිරීමේ රැස්වීමකට එක්වෙමිනි.

පසුගිය මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතු සහ එය නිවැරදි කරගනිමින් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යා යුතු ආකාරය පිළිබඳව මෙහිදී එජාප ප්‍රධානීන් විසින් සංවිධායකවරුන් හා කළමණාකරුවන් දැනුවත් කිරීම සිදුකෙරිණි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල අප මේ වනවිට ආරම්භකර තිබෙනවා. එහි එක් පියවරක් ලෙස නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට කටයුතු කළා. එම වැඩකටයුතු පසුගිය ජනවාරි මාසය වනවිට අප අවසන් කළා.

ඊළඟ පියවර වුනේ දිස්ත්‍රික් මට්ටමින් ගොස් අපේ නිලධාරී මණ්ඩලය සහ පාක්ෂිකයින් අතර සබඳතා වර්ධනය කරමින් අපේ ගමන් මග පිළිබඳව ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමයි. ඒ වැඩපිළිවෙලත් මේ වනවිට බොහෝ දුරට අවසන් කර තිබෙනවා. දැන් අප කළ යුත්තේ පුළුල් ලෙස සංවිධානය වීමයි.

පසුගිය ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වුණා. නමුත් ඔහු පරාජයට පත්වුණා. ඒ අනුව 2019 නොවැම්බර් මාසයේදී අපට ලැබුණ ඒ සියලු ඡන්ද නැවත ලබාගත්තත් අප කාටවත් ජයග්‍රහණය කිරීමට හැකිවන්නේ නැහැ.

සිංහල බෞද්ධ, කතෝලික, මධ්‍යම පාන්තික ඡන්ද දායකයින් අපෙන් ඈත් වුණා. ඒ ඡන්ද දායකයින්ගේ ඡන්ද ලබාගැනීම සඳහා ඔවුන්ට අප ආමන්ත්‍රණය කළේ නැහැ. මේ අනුව ජනාධිපතිවරණය අප පරාද වුණේ මන්දැයි නැවත සිතා බැලිය යුතුව තිබෙනවා. එතැන් සිට මේ ගමන ආරම්භ කළ යුතුයි.

එළඹෙන මැතිවරණයේදී වුවද දෙමළ, මුස්ලිම් ඡන්ද ඉවත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ඡන්ද සහ අපෙන් ඉවත්ව ගිය අය ලබාගත් ඡන්ද නැවත එකතු කර ඒ ඡන්ද සංඛ්‍යාවෙන් අපට ජයග්‍රහණය කළ නොහැකියි. එහෙමනම් එළඹෙන මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කෙසේදැයි අප සිතා බැලිය යුතුයි.

ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ඡන්ද ලක්ෂ 70 ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ ඡන්ද එකතු කර ගැනීම සඳහා ඉලක්ක සහගත වැඩපිළිවෙලක් අප ක්‍රියාත්මක කර යුතුව තිබෙනවා.

1977 එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකිවුණේ එවැනි ඉලක්ක සහගත වැඩපිළිවෙලක් ඇතිව අප රට වටේ ගොස් සංවිධාන ජාලය ශක්තිමත් කළ නිසයි. ඒ ගමන අප ආරම්භ කළේ 1973 වසරේ සිට බව මා සිහිපත් කළ යුතුයි. ඒ වැඩපිළිවෙල නිසා 2/3 ක් බලය ලබාගෙන සිටි ආණ්ඩුව වෙනස් කරමින් 5/6 ක් බලයක් ලබාගැනීමට අපට හැකිවුණා.

1977 මැතිවරණය එලෙස ජයග්‍රහණය කිරීමෙන් පසු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මට ප්‍රකාශ කර සිටියේ එම ජයග්‍රහණය පදනම් කරගෙන ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ 2 ක් තමන්ට ජයග්‍රහණය කිරීමට හැකි බවයි. ඒ අනුව 1982 සහ 1988 පැවැති මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකිවුණා.

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා අපට ඡන්දය නොදුන් අපේ ඡන්ද දායකයින් නැවත එකතු කර ගත යුතුයි. එමෙන්ම අපෙන් ඈත්ව ගිය ඡන්ද දායකයින් මෙන්ම ආණ්ඩුව පිළිබඳ කළකිරී ඔවුන්ගෙන් ගිලිහී යන ඡන්ද දායකයින් අප වෙත නැඹුරු කරගත යුතුයි. ඒ වගේම පාවෙන ඡන්ද දායකයින්ගේ සහයෝගය ලබාගන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි. මේ සියලු පාර්ශවයන්ගේ සහයෝගය අපට ලබාගැනීමට හැකිනම් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කළ හැකියි.
මේ ගමන සාර්ථක කරගැනීම සඳහා ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද හා සිංහල ක්‍රිස්තියානි, සිංහල බෞද්ධ ඡන්ද බහුතරය අප ලබාගත යුතුයි. මේ සියලු පාර්ශවයන්ට අප දැන් සිටම ආමන්ත්‍රණය කළ යුතුයි.

මහාමාන්‍ය ඩි.එස්. සේනානායක මැතිතුමන්ගේ පාලන සමයේ එංගලන්තයට ණය ලබාදෙන ගමන් ගල්ඔය, මින්නේරිය වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීමට හැකිවුණා. ඒ වගේම ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන්ගේ පාලන කාලයේදී අපට අවශ්‍ය තරම් විදේශ සංචිත තිබුණා.

නැවත ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන්ගේ පාලන සමයේ විවෘත ආර්ථිකෙ ක්‍රමය හඳුන්වා දෙමින් මේ රටේ පුළුල් සංවර්ධනයක් සිදුකළා. 2001 වසරේ අප බලයට පැමිණෙන විට මේ රට සෘණ ආර්ථිකයක් දක්වා කඩා වැටී තිබුණා. නැවත රට ගොඩ ගෙන සංවර්ධනය කරා යාමට අපට හැකිවුණ‍ා. හයවෙනි පරාක්‍රමබාහු රජතුමන්ගේ පාලන කාලයෙන් පසු රට සහල් වලින් ස්වයංපෝෂිත කිරීමට අපට හැකිවුණා.

2015 අප බලයට පත්වීමෙන් පසු රට ඉදිරියට ගෙනයාමේ නව ගමනක් අප ආරම්භ කළා. විවිධ අභියෝග මධ්‍යයේ වුවද ජනතාවට සහන ලබාදීමට අප ක්‍රියාකළා. කොපමණ අභියෝග වලට මුහුණදීම සිදුවුවත් රුපියල බාල්දු වීමට අප ඉඩදුන්නේ නැහැ.

අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර දියුණු කිරීම සඳහා විශාල වශයෙන් මුදල් ලබාදෙමින් පුළුල් වැඩපිළිවෙලක් අප දියත් කළා. පාසල් දරුවන්ට ටැබ් පරිගණකයක් ලබාදීමට එදා අප උත්සහ කළ අතර ඊට එරෙහිව නැගුණු නොයෙකුත් ක්‍රියාමාර්ග නිසා එම වැඩකටයුත්ත සිදුකිරීමට අපට නොහැකි වුණා. ඒ වගේම එදා සුවසැරිය ගිලන් රථ සේවය මෙන්ම රෝහල් පද්ධතිය දියුණු කළා. එලෙස ඒ පියවර ගෙන නොතිබුණා නම් වර්තමානයේ ඇති කොරෝනා වසංගතය හමුවේ නොයෙකුත් ගැටළු වලට රටට මුහුණපෑමට සිදුවෙනවා.

කොරෝනා වසංගතයෙන් පසු මේ රට අභියෝග රැසකට මුහුණ පා සිටිනවා. සංචාරක ක්ෂේත්‍රය මුලුමනින්ම කඩා වැටී ඇති අතර එම ක්ෂේත්‍රෙය් රැකියාවන්හී නියැලි සිටි විහාල පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා. එමෙන්ම ත්‍රීවිල් රියදුරන්ට ඔවුන්ගේ ආදායම් මාර්ග අඩුවී තිබෙනවා. නර්තන ක්ෂේත්‍රෙය් නියැලුන අයට මෙන්ම කුඩා වෙළඳසැල් පවත්වාගෙන ගිය අයට ඔවුන්ගේ අදායමත් අහිමිව ගොස් තිබෙනවා.

කොරෝනා වසංගතයෙන් පසු රට හමුවේ මතුව තිබෙන අභියෝග අප ජයගත යුතුයි. ඒ අභියෝග ජයගෙන රට ගොඩනැගිය හැක්කේ කුමන කණ්ඩායමටද කියා රටේ ජනතාව තීරණය කළ යුතුයි. වත්මන් පාලනයට ඒ අභියෝගයට මුහුණදීමට නොහැකි බව මේ වනවිට ඔප්පු කර තිබෙනවා.

මෙවැනි පසුබිමක සියලු පාර්ශවයන් එක්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා අප කැපවී ක්‍රියාකළ යුතුයැයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මෙසේ පැවසීය.

පසුගිය මහා මැතිවරණයේදී අභියෝග රැසකට අපේ පක්ෂයට මුහුණදීමට සිදුවුණා. නමුත් මේ වනවිට දිනෙන් දින එක්සත් ජාතික පක්ෂය සංවිධානය වී ඉදිරියට පැමිණෙමින් තිබෙනවා. එළඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට නම් ඡන්ද ලක්ෂ 70 ක ඉලක්කයට අප ගමන් කල යුතුයි. ඒ ඉලක්කය කරා යාමට සියලු බලවේග අප වටා එක් කරගත යුතුව තිබෙනවා.

අද මේ රටේ සියලු ජනකොටස්වලට එක්සත් ජාතික පක්ෂ පාලන ක්‍රමයක ඇති වැදගත්ම අවබෝධ වෙමින් තිබෙනවා. ඒ නිසාම පක්ෂය හැරගිය අය මෙන්ම අනිකුත් බලවේග අප සමග එකතු වෙමින් සිටින බව සිහිපත් කළ යුතුයි. පසුගිය ජනාධිපතිවරණයේදී ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ බලවේග අද අප සමග සාකච්ඡා කරනවා. මේ සියලු පාර්ශවයන් ඒකරාශී කරමින් අප එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත්කර ගත යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා.

නිදහසින් පසු එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණ 8 ක් ජයග්‍රහණය කර රට පාලනය කර තිබෙනවා. ඒ වගේම අපට විරුද්ධ අයද 8 වතාවක් රට පාලනය කර තිබෙනවා. ජනාධිපතිවරු ලෙස ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දෙවතාවක්, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එක් වතාවක්ද ඩී.බී විජේතුංග මැතිතුමා සහ ඊට පසු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රට පාලනය කළා. ඒ වගේම අපිට විරුද්ධ පාර්ශවයෙන් චන්ද්‍රිකා කුමරණතුංග මැතිණිය දෙවතාවක්ද, මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවතාවක්ද රට පාලනය කර වර්තමානයේ ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට පාලනය කරනවා. මේ අනුව නිදහසින් පසු රටේ බලය සම සමව බෙදී ගොස් තිබෙන බව කිවයුතුය.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා මින්නේරිය, ගල්ඔය වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති සිදුකරමින් එංගලන්තයට ණය ලබාදුන්නත් නිදහස ලබා වසර 73 ක් ගතවන මේ මොහොතේ අප රට හිඟමනේ යන රටක් බවට පත්කර තිබෙනවා. නැවත මේ රට ගොඩගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඒ සඳහා අපෙන් ඉවත්ව ගිය සියලු බලවේග අප නැවත පක්ෂය වටා එක්කර ගත යුතුයි. ඒ වගේම අනෙකුත් බලවේග අප වටා එක් කර ගැනීමට අප පියවර ගත යුතුව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඡන්ද දෙලක්ෂ හතලිස් නව දාහක් ලබාගෙන තිබෙනවා. ඒ ඡන්ද දායකයින් ආරක්ෂා කර ඔවුන් බලගන්වමින් අපේ ඉදිරි වැඩකටයුතු අප ආරම්භ කළ යුතුයි. පසුගිය මැතිවරණවලදී රැල්ලට වෙනත් කණ්ඩායම් සමග එකතු වූ අය අද නැවතත් සිරිකොත මහගෙදර සමග එක්වෙමින් සිටිනවා.

ඝෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කිරීම සඳහා මේ රටේ ඡන්ද දායකයින් 69 ලක්ෂයක් ඡන්දය ලබාදුන්නා. නමුතු අද ඒ ඡන්ද දායකයින්ගෙන් හරි අඩක්වත් ඔහුට නැති බව කිව යුතුයි. එපමණක් නොවේ පොහොට්ටු ආණ්ඩුවේ කිසිවෙක් අද ඔහු වෙනුවෙන් කතා කරන්නේ නැහැ. රටේ උද්ගතව තිබෙන අර්බුධ වලින් ගොඩඒමට මේ ජනාධිපතිවරයාට හෝ මේ ආණ්ඩුවට කිසිඳු වැඩපිළිවෙලක් නැහැ. මේ රට නැවත ගොඩගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඔබේ ශක්තියෙන් අද සිට ඒ ගමන ආරම්භ කරමු.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා

පසුගිය කාලය තුළ එක්සත් ජාතික පක්ෂය හැරගිය පිරිස් නැවත අපේ පක්ෂය වටා රොද බැද ගනිමින් සිටිනවා. ඒ වගේම ඉතිරිව සිටින අයද අපේ පක්ෂයට එක්කර ගැනීම සඳහා අප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. මේ සියලු පාර්ශවයන් ඒකරාශී කරගන්නවා නම් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට අපට අපහසුවන්නේ නැහැ.

යහපාලන ආණ්ඩුව යටතේ මේ රටේ පුළුල් සංවර්ධනයක් අප සිදුකළා. ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කළා. හැමෝටම රැකියා ලබාදීමට නොහැකි වුනත් විශාල පිරිසකට රැකියා ලබාදීමට අප ක්‍රියාකළා. නමුත් අපේ පක්ෂයේ පැවැති අසමගිය නිසා අපට ජයග්‍රහණය කරා යාමට නොහැකි වුණා. නැවත එක්සත් ජාතික පක්ෂය බලයට පත්කර ගැනීමේ ගමන අප ආරම්භ කළ යුතුයි.”

මෙම අවස්ථාවට හිටපු ඇමතිවරු මන්ත්‍රීවරු සහ එජාප ක්‍රියාකාරීහූ රැසක් සහභාගීව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඡන්දය නොදුන් හේතුව ඉන්දියාව කියයි

Next Post

GMOA හැසිරීමට විරෝධය… වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍යවරුන් නඩු මගට

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.