බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඡන්දය නොදුන් හේතුව ඉන්දියාව කියයි

by Lanka Sara Editor
මාර්තු 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව සියලු පළාත් සභාවන්ට ඵලදායී ලෙස ක්‍රියාත්මක විය හැකි බව සහතික කිරීම සඳහා පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සහ බලය බෙදීමේ කරුණු ඉටුකරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ජාත්‍යන්තර ප්‍රජාව කරන ඉල්ලීමට තම සහයෝගය දක්වන බව ඉන්දියාව පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබඳ ඊයේ (23) පැවති ඡන්ද විමසීමේදි ඡන්දය දීමෙන් වැළකී සිටීමට හේතු දක්වමින් ඉන්දියාව මේ බව කියාසිටියේය.

එම සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

සභාපති තුමියනි,

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ප්‍රතිපත්තීන් සහ අරමුණු ප්‍රකාරව මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම, සාධනීය ජාත්‍යන්තර සංවාදය සහ සහයෝගීතාවය උදෙසා රාජ්‍යයන් සතු ප්‍රමුඛ වගකීම පිළිබඳව ඉන්දියාව විශ්වාස කරයි.

සමීප අසල්වැසි රාජ්‍යයක් වශයෙන් ඉන්දියාව 2009 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාවේ සහන, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට දායකත්වය ලබා දී ඇත.
අපගේ සංවර්ධන ආධාර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් හි ජීවනෝපාය මාර්ගයන් ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ ආර්ථික පුනර්ජීවනය වෙත යොමු වී අත.

සභාපති තුමියනි,

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රවේශය මූලික කරුණු දෙකක් මත පදනම් වී ඇත. එයින් එක් කරුණක් වන්නේ සමානාත්මතාවය, යුක්තිය, අභිමානය සහ සාමය උදෙසා ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව සඳහා අපගේ සහයෝගයයි. අනෙක් කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ එක්සත්භාවය, ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාවය සහතික කිරීමයි. මෙම අරමුණු ද්විත්වය එකිනෙකට සහයෝගය දක්වන බව සහ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය හොඳින්ම තහවුරු වන්නේ එම අරමුණු දෙකම උදෙසා එක විට කටයුතු කිරීම තුළින් බව අප හැමවිටම විශ්වාස කර ඇත.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ප්‍රකාරව සියලු පළාත් සභාවන්ට ඵලදායී ලෙස ක්‍රියාත්මක විය හැකි බව සහතික කිරීම සඳහා පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම යනාදිය තුළින් දේශපාලන අධිකාරිය බෙදා හැරීම සම්බන්ධයෙන් වන කැපවීම් ඉටු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ජාත්‍යන්තර ප්‍රජාව කරන ඉල්ලීමට ඉන්දියාව සහයෝගය දක්වයි.

එලෙසම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලබා දී ඇති අදාළ යෝජනාවන්හි නියෝගයන්ට අනුකූල විය යුතු බව අපි විශ්වාස කරමු.

සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන ලෙස ද, දමිළ ප්‍රජාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කරන ලෙස ද රටේ සියලු පුරවැසියන්ගේ මූලික නිදහස සහ මානව හිමිකම් පූර්ණ වශයෙන් ආරක්ෂා කෙරෙන බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඵලදායි ලෙස අඛණ්ඩව නියැලෙන ලෙස ද අප ශ්‍රී ලංකා රජයෙන් දැඩිව ඉල්ලා සිටිමු.

ස්තූතියි

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි ලබන සඳුදා සිට ඇරඹෙයි…..

Next Post

ඊළඟ මැතිවරණයේ රනිල්ගේ ඉලක්කය ඡන්ද ලක්ෂ 70ක්

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.