ගාසා තීරයට එල්ල කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමී සංවිධානයේ අණදෙන නිලධාරීන් තිදෙනෙකු ඇතුළු පලස්තීන ජාතිකයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පලස්තීන සෞඛ්‍ය නිලධාරිය කු පැවසුවේ මියගිය අය අතර කාන්තාවන් හය දෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකු සිටින බවයි. තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇත.
ඊශ්‍රායලය ප්‍රකාශ කළේ තම පුරවැසියන්ට තර්ජනයක් වන සටන්කාමීන් ඉලක්ක කර මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවයි.
ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය පළිගැනීමට ප්‍රතිඥා දී ඇති අතර ගාසා තීරයේ සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඊශ්‍රායල නිලධාරීන් දින කිහිපයක් සටන් සඳහා සූදානම් වෙමින් සිටින බව පැවසේ.
(බීබීසී)