අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු ගැන සොයන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්

by Lanka Sara Editor
මැයි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමනඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධනට අද (9) භාර දෙනු ලැබීය.

ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න, යදාමිණි ගුණවර්ධණ, ඩබ්ලිව්.ඩී වීරසිංහ, රංජිත් බණ්ඩාර, මධුර විතානගේ, රාජිකා වික්‍රමසිංහ, ගුණතිලක රාජපක්ෂ, කුමාරසිරි රත්නායක, ජගත් කුමාර ,මහින්දානන්ද අලුත්ගමගේ, සම්පත් අතුකෝරාළ, නාලක කෝට්ටේගොඩ, සුදර්ශන දෙනිපිටිය, කේ.ඒ.යූ.කේ ගුණතිලක, නිමල් ලාංසා, එච්.එම්.එම් හාරීස්, සරත් වීරසේකර, මුදිත ද සොයිසා, එස්.බී දිසානායක, ප්‍රදීප් උඳුගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදාළ ලිපිය සඳහා අත්සන් තබා ඇත.

අදාළ ලිපිය මගින් මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ නෞකා අනතුරු සිදුවීම හා අනතුරුවලින් පසුව සිදුවූ මැදිහත්වීම් සහ අඩුපාඩු පිළිබඳ නැවත සමාජයේ දැඩි කතා බහකට ලක්ව ඇති බවයි.

එවැනි පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සභාව තුළදී මෙන්ම පිටතදීද මෙම අනතුරු සහ නෞකා රක්ෂණ සමාගම් අතර සිදුවූ ගණුදෙනු පිළිබදව හෙළිදරව් කළ බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ නෞකා අනතුරු සම්බන්ධ සිදුවීම්වල සත්‍යය හෙළිදරව් විය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත්කරන ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායකවරයාට භාරදුන් ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේ නෞකා අනතුරු සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන මූල්‍ය චෝදනා යටපත් කිරීමේ අරමුණින් විපක්ෂය විවාදයක් ඉල්ලා සිටින බවයි.

විපක්ෂයේ එම උත්සාහය පරාජය කිරීමේ අරමුණින් මෙම විශේෂ තේරීම් කාරක සභාව පත්කරන ලෙස ආණ්ඩුපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කීය.

නෞකා අනතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ මෙම නෞකා අනතුරු සම්බන්ධයෙන් මූල්‍ය වංචා සිදුව තිබෙන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනයේ 13ක් මරුට

Next Post

දින තුනක් පුරා පැවැත්වෙන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් අඹගස්වැව දී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.