උතුරු ගාසා තීරයේ අවතැන් වූවන්ට නවාතැන් දෙන පාසල් දෙකකට එල්ල වූ ඊශ්‍රයාල ගුවන් ප්‍රහාර මගින් සිවිල් වැසියන් 50 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඝාතනය වූ බව නිල පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
බෝම්බ ගාසා තීරයේ එන්ක්ලේව් හි දකුණු ප්‍රදේශවලට එල්ල කරමින් ඊශ්‍රායල හමුදා සහ යුද ටැංකි එම අංශයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම් මෙහෙයුමක් දියත් කිරීමත් සමඟ මෙම ප්‍රහාරය වාර්තා වී තිබිණි.
ගාසා තීරයේ උතුරේ ගාසා නගරයට නැගෙනහිරින් පිහිටි අල්-සයිටූන් සහ අල්-ෂුජයියා අසල්වැසි ප්‍රදේශවල ජනාකීර්ණ නිවාස ඉලක්ක කර ගනිමින් ද ඊශ්‍රයාල ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බවත් එම ප්‍රහාරයෙන් අද දින 30කට වැඩි පිරිසක් මිය ගොස් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබූ අරත මිය ගිය පිරිස අතර වැඩි ප්‍රමාණයක් දරුවන් බවත් පලස්තීන ප්‍රවෘත්ති සහ තොරතුරු ඒජන්සිය (WAFA) පවසයි.
මීට පෙර සඳුදා ඊශ්‍රායලය පලස්තීනුවන්ට ගාසා තීරයේ ප්‍රධාන දකුණු නගරය වන ඛාන් යූනිස්හි සමහර කොටස්වලින් ඉවත් වන ලෙස නියෝග කළේය.
ඊශ්‍රායල හමුදාව විසින් අද (04) උදෑසන X සමාජ මාධ්‍ය වේදිකාවේ හි සිතියමක් පළ කරන ලද අතර ඛාන් යූනිස්හි හතරෙන් එකක් පමණ එකවර ඉවත් කළ යුතු ප්‍රදේශයක් ලෙස කහ පැහැයෙන් සලකුණු කර තිබිණි.
ඊතල තුනක් දකුණට සහ බටහිරට යොමු කර, පලස්තීන වැසියන්ට මධ්‍යධරණී වෙරළ දෙසට සහ ඊජිප්තු දේශසීමාව අසල ප්‍රධාන නගරයක් වන රෆා දෙසට ගමන් කරන ලෙස ඊශ්‍රයාල හමුදා විසින් දන්වනු ලැබුවේය.
ඛාන් යුනිස් හි මංමුලා සහගත ගාසන් වැසියන් තම බඩු බාහිරාදිය අසුරා රෆා දෙසට ගමන් කළහ.
බොහෝ දෙනෙක් පා ගමනින්, දුක් සහිත නිහඬ පෙරහැරකින් නටබුන් ගොඩනැගිලි පසුකර ගියහ.
ගාසා තීරයේ පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සියේ (UNWRA) ප්‍රධානී තෝමස් වයිට් X සමාජ මාධ්‍ය වේදිකාවේ පැවසුවේ මෙවැන්නකි.
.”ආරක්ෂාව සොයා ගත හැකි ස්ථානය පිළිබඳ උපදෙස් සඳහා මිනිසුන් අයැද සිටිති. අපට ඔවුන්ට පැවසීමට කිසිවක් නැත,”