බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාලයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් ඊශ්‍රයාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක්…

by editor
ජූනි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඊශ්‍රායලයේ විසා නොමැති ශ්‍රී ලාංකිකයින් යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඊජිප්තුවට ඇතුල්වීමේ දී දීර්ඝ ප්‍රශ්නකිරිම හා අත්අඩංගුවට ගැනීම පවා සිදුවන බැවින් හදිසි තත්ත්වය මත වුවද වීසා නොමැති හා වීසා කල් ඉකුත් වූ වැසියන් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පිටත් .නොකරන බවත්, ඊශ්‍රායලයේ වලංගු විසා බලපතක් නොමැති පිරිසට ශ්‍රී ලංකාව බලා යාමට ටෙල්-අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත වනතුරු රැඳී සිටිය යුතු බවත් ඊශ්‍රයාල ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර ස්වකිය ෆේස් බුක් ගිනුමේ සටහන් කර තිබේ.

අද (21) වනවිට ඊශ්‍රයාලයේ පවතින තත්ත්වය සම්බන්ධව දීර්ඝ විස්තරයක් සිය සමාජ මාධ්‍ය ගිනුමේ සටහන් කරමින් ඊශ්‍රයාලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා කියන්නේ ඊයේ (20) දිනය පුරාත්,  මධ්‍යම රාත්‍රියේ හා අද උදෑසන 02.35 ටත් ඊශ්‍රායලයේ ප්‍රධාන නගර ඉලක්ක කරමින් ඉරාන බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන පාහරයන් එල්ල වූ බවය. ඔහු ප්‍රකාශ කර ඇත්තේ බොහෝ නාගරික කලාපවල ජිවත්වන පිරිස් පෙරට වඩා නිරන්තරයෙන්ම ආරක්‍ෂිත ස්ථානවල රැකවරණය ලැබීමට කටයුතු සලස්වා ඇති බවය

ඊශ්‍රායලයේ සේවය කොට දැනට ශ්‍රී ලංකාවට නිවාඩු සඳහා ගොස් සිටින පිරිස් විදේශ කටයුතු අමාත්යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් පරිදි කටයුතු කරන ලෙස ද තානාපතිවරයා දන්වා තිබේ.

තානාපතිවරයාගේ සටහන සම්පූර්ණ වශයෙන් මෙසේය.

ඊශ්‍රායිල් ආරක්ෂක තත්ත්වය හා ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් – (යාවත්කාලින කිරීම (04.00 AM – 21/06/2025)

1. ඊයේ දිනය පුරා , මධ්‍යම රාත්‍රියේ හා අද උදෑසන 02.35 ට ද ඊශ්‍රායලයේ ප්‍රධාන නගර ඉලක්ක කරමින් ඉරාන බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන පාහරයන් එල්ල කරන ලදී. පෙරට වඩා බොහෝ නාගරික කලාපවල ජිවත්වන පිරිස් නිරන්තරයෙන්ම ආරක්‍ෂිත ස්ථානවල රැකවරණය ලැබීමට කටයුතු කෙරේ. අදාළ ප්‍රහාරවලට හයිෆා හා මධ්‍යම ටෙල් අවිව් කලාපවල ගොඩනැගිලි ගිනිගැනීම් වාර්තා විය. සිකුරාදා රාත්‍රියේ ඊශ්‍රායල භූමියෙන් පිටත උතුරු ඊශ්‍රායලයේ වෙරළට ඔබ්බෙන් ඉරානය විසින් එවන ලද ඩ්‍රෝන යානයක් ඊශ්රායිල් ගුවන් හමුදාව විසින් තම ග්‍රහණයට ගන්නා ලදී.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

2. ඉරානය රට පුරා මිසයිල ප්‍රහාරයක් එල්ල කරන විට හයිෆාහි අවම වශයෙන් 31 දෙනෙකු තුවාල ලබා ඇත. සිකුරාදා දහවල් හයිෆා නගරයට එල්ල වූ තවත් ඉරාන මිසයිල ප්‍රහාරයකින් හයිෆා හි පැරණිතම, දෙවන පැරණිතම මුස්ලිම් පල්ලියට හානි සිදු විය. එම අල් ජරිනා මුස්ලිම් පල්ලියේ සිටි මුස්ලිම් පූජකවරුන්ට තුවාල සිදුවී තිබේ. එය 1761 දී ඉදිකරන ලද්දකි.

3. 2025 ජූනි මස 20 වැනිදින එනම් ඊයේ ඊශ්‍රායලයේ එලාට් නගරය හරහා ඊජිප්තුවේ TABA දේශසීමා පිවිසුමෙන් ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට යාම බලා පිටත්වූ හතර දෙනාගෙන් ඊශ්‍රායලයේ විසා නොමැතිව සිටි ශ්‍රී ලාංකිකයන්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ. ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න මහතා මේ පිළිබඳව දැන්වූ වහාම ඊජිප්තු දේශසීමා හා ආරක්ෂක නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලදී.

4 මෙවැනි ආකාරයේ ඊශ්‍රායලයේ විසා නොමැති විදේශිකයා ඊජිප්තුවට ඇතුල්වීමේ දී දීර්ඝ ප්‍රශ්නකිරිම හා අත්අඩංගුවට ගැනීම පවා සිදුවන බැවින් හදිසි තත්ත්වය මත වුවද වීසා නොමැති හා වීසා කල් ඉකුත් වූ ශ්‍රී ලාංකිකයන් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පිටත් නොකෙරෙනු ඇත. එවැනි වලංගු ඊශ්‍රායලයේ වලංගු විසා බලපතක් නොමැති පිරිසට ශ්‍රී ලංකාව බලා යාමට ටෙල්-අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත වනතුරු සිටිය යුතු වේ.

5. තම දරුවාගේ අභාවය හේතුවෙන් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට ගමන් කළ ශ්‍රී ලාංකිකයා නිරුපද්‍රිතව ශ්‍රී ලංකාවට ගොස් ඊයේ ඔහුගේ දරුවාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වී තිබේ.

6. ඊයේ දිනය තුළ දෙදෙනෙකු නැවත ශ්‍රී ලංකාව බලා පිටත්වීමට තානාපති කාර්යාලයට පැමිණ අදාළ ලියකියවිලි ලබා ගන්නා ලදී.

7. සතියක් පුරා ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන් තොටුපොළවල් වසා දැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකිව ආසන්න රටවල් රැදී සිටි ඊශ්රායිල් ජාතිකයන් බොහෝ දෙනෙකු සයිප්‍රස් හරහා මගී යාත්‍රාවලින් හා ඊශ්‍රායිල් ජාතික ගුවන් සේවය මෙන්ම Akiya ගුවන් සමාගමේ යානා මගින් ඊයේ සිට ඊශ්‍රායලයට රැගෙන එන ලදී.

8. ඊශ්‍රායලයේ සේවය කොට දැනට ශ්‍රී ලංකාවට නිවාඩු සඳහා ගොස් සිටින පිරිස් විදේශ කටයුතු අමාත්යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් පරිදි කටයුතු කරන මෙන් දන්වමි.

9. අද දින ඊශ්‍රායලයේ නිවාඩු දිනයක් වුවද ශ්‍රී ලංකාව බලා යාමට අපේක්ෂා කරන පිරිස වෙනුවෙන් සේවා සැපයීමට තානාපති කාර්යාලය විවෘතව. පවතී.

10. ඉදිරි දිනවල ඊශ්රාලයයේ නාගරික කලාප වෙත එල්ල කළ හැකි ප්‍රහාරයන් පිළිබඳව ඉතා විමසිලිමත්වන ලෙසා හා රජය විසින් ලබා දෙන ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙස දන්වා සිටිමි.

නිමල් බණ්ඩාර

 

Share69Tweet43
Previous Post

හෙළුවෙන් නටන දේශපාලන බඩහැලයන් කියවිය යුතු කතාවක්… අවුරුදු 75කට පෙර පැවති බලපිටිය අතුරු මැතිවරණයේ විත්තිය…

Next Post

හදිසි අවස්ථාවක දී ඊශ්‍රයාලයෙන් ශ්‍රී ලාංකිකයන් ගේන්න ඉන්දියාවෙන් සහාය…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.