අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊලඟ වසරට අවශ්‍ය ගල් අඟුරු හිඟයි… විශාල විදුලි කප්පාදුවක යන්න වෙන හේතුව මහජන උපයෝගීතා කොමිසම පැහැදිලි කරයි!

by editor
දෙසැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වසරකට ගල් අඟුරු නැව් 32ක් අවශ්‍ය බවත්, එම නැව්වල ගල් අඟුරු ගොඩබා ගැනීම අප්‍රේල් මස 15න් පෙර ගොඩබෑම සිදුකළ යුතු නමුත් දැනට රට තුළට පැමිණ ඇත්තේ ගල් අඟුරු නැව් 05ක් පමණක් බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මාධ්‍යය අමතා පැවසීය.

මේ තත්ත්වය තුළ ඉදිරි මාස හතර තුළ දින 05කට වරක් නැවක් ගෙන්වා ගත්ත ද රටතුළට ඇතුළු කරගත හැක්කේ නැව් 20ක් පමණක් බව පෙන්වාදෙන සභාපතිවරයා මේ තත්ත්වය තුළ මේ වසරේ ජනවාරියේ තිබුණාක් බඳු විදුලි කප්පාදුවක් ඇතිවීම නොවැලැක්විය හැකි බව පෙන්වා දුන්නේය.

ජනක රත්නායක

ඉදිරි විදුලි කප්පාදුව සහ විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනක රත්නායක මෙසේ ද පැවසීය.

“ගල්අඟුරු අගෝස්තු මාසයේ සිට අද දක්වා අපිට ඇවිල්ලා තියෙන්නේ ගල්අඟුරු නැව් 5යි. තව එකක් එන්නට තියෙනව තව සුමාන දෙකක් ඇතුළත. ඒ නිසා තමයි අපි නිර්දේශයක් නිකුත් කළේ, ලංකා විදුලි බලමණ්ඩලයට නොරොච්චෝලයේ බලාගාර 3ම පාවිච්චි නොකර දෙකක් පමණක් පාවිච්චි කරලා ඊළඟ නැව එනතුරු මේ කළමනාකරණය කරගෙන යන්න ඕනේ කියලා. “

“දැන් ප්‍රශ්නය තියෙන්නේ ඉතිරි නැව් 32ක.  අපිට අවුරුද්දකට නැවු 38ක් ඕනේ. දැනට 6ක් ඇවිල්ලා තියෙනවා. ඉතිරි 30ක් හරි 31ක් හරි ගෙන්න ගන්නවානම් එහෙම අපිට තියෙන ප්‍රශ්නය තමයි ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ 15 වනදා වෙනතුරු විතරයි අපිට ගෙන්න ගන්න පුළුවන්. අපිට දවස් 5කට සැරයක් නැවක් ගෙන්න ගත්තොත් අපිට නැවු 20කට වඩා ගෙන්න ගන්න බැහැ. මොකද අපිට තියෙන කාලය මාස 4කට සීමා වෙලා තියෙන්නේ. “

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ඒ අනුව ලබන අවුරුද්දේ අනිවාර්යෙන්ම ගල්අඟුරු අවශ්‍ය සංචිත ප්‍රමාණය නැතිවීමේ අවදානමකට අපි ලක්වෙලා තියෙනවා. ඒ අවදානම නිසා තමයි ගල් අඟුරු නැති වුණොත් එහෙම නැවතත් මේ අවුරුද්දේ අර ජනවාරි මාසයේ තිබුණා වගේ දිර්ඝ කාලීන විදුලි කප්පාදුවකට යනවා කියන එකේ පදනමක් තියෙනවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැක සහිත කරුණු මත දිනේෂ් ෂාෆ්ටර්ගේ ජීවිතයේ සමීප සබඳතා ගැන විමර්ශකයින්ගේ අවධානය…

Next Post

බන්ධනාගාරගත වූ මියන්මාර් වැසියන්ට උතුරේ සංවිධානවලින් මිලියන ගණනක ආධාර

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.