බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ සිදුකළ OIC මාරු  270ම නීති විරෝධී බව පොලිසියම කියයි… පොලිස්පති මාරුවීම්වලට අත්සන් නොතබයි…

by editor
දෙසැම්බර් 24, 2022
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ඊයේ (23)  සිට පොලිස් ස්ථානාධිපතිවරුන් 270ක් සඳහා ස්ථාන මාරුවීම් සහ නව තනතුරු ලබා දී ඇත්තේ  මහජන ආරක්ෂාව පිළිබඳ  ඇමතිවරයාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවශ්‍යතාවය පරිදි  බවත්, නීත්‍යානුකූල   නොවන ආකාරයට ලබා දුන් මෙම පත්වීම් ක්‍රියාවලිය සිදුවී ඇත්තේ  පොලිස්පතිවරයාගේ ද විරෝධය නොසලකා බවත් පොලිස් මූලස්ථාන අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර ඇත.

ඉලක්කගත මැතිවරණ අරමුණු කරගනිමින් දේශපාලන අවශ්‍යතා මත මෙම පත්වීම් සහ ස්ථාන මාරුවීම් සිදුකර ඇතැයි මේ වනවිට පොලිසිය අභ්‍යන්තරයෙන් සාධනීය තොරතුරු මත චෝදනා එල්ලවෙමින් තිබේ.

ස්ථාන මාරුවීම් සිදුකර ඇති ආකාරය.

පොලිස්පතිවරයාගේ අත්සනින් සහ ඍජු නියෝගයකින් තොරව, පොලිස් දෙපාර්තමේන්තුවේ   මානව සම්පත් කළමනාකරණය හා ජාත්‍යාන්තර සබඳතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එම්.එන් සිසිර කුමාරගේ අත්සනින් පමණක් යුතුව මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇත්තේ  මහජන ආරක්ෂ අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කරන  නියොග අනුවය.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් එම නියෝග නිකුත් කරන්නේ 2020.11.20 දිනැති 2202/04 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්  ලබාදෙන  බලතල පැවරීම් ප්‍රකාරවය.

එහෙත් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස් කොමිසම බලගන්වීමෙන් පසු මෙම ගැසට් නිවේදනය බල රහිත වූ බවත්   මහජන ආරක්ෂ අමාත්‍යාංශ ලේකම් පොලිස් නිලධාරීන් 269 දෙනා මාරු කිරීමට   නියෝග නිකුත් කර ඇත්තේ බල රහිත ගැසට් නිවේදනයක් පදනම් කරගෙන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

බලගැන්වුන  පොලිස් කොමිසම

20 වැනි ව්‍යවසථා සංශෝධනය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා තිබුණු පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම හා විනය පාලනයට අදාල බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන සංශෝධනය මගින් නැවත ජාතික පොලිස් කොමිසම වෙත පවරා තිබිණි.  ඒ අනුව මින් පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය ශූන්‍ය වන බව   පොලිස් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ බල රහිත චක්‍රලේඛයක්  පදනම්ව අමාත්‍යාංශ ලේකම්වරයා විසින්  අදාල ස්ථාන මාරුවීම් සිදුකරනු ලබන්නේ   20 වැනි ව්‍යවසථා සංශෝධනය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා තිබුණු පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම හා විනය පාලනයට අදාල බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන සංශෝධනය මගින් නැවත ජාතික පොලිස් කොමිසම වෙත පවරා ඇති බවත් එම බලතල ක්‍රියාත්මක කරන ලෙස .නීතිපතිවරයා  අංක E/379/2022 හා 2022.12.15 දැනැති ලිපියෙන් දැනුම් දී ඇති බවත් ජාතික පොලිස් කොමසමේ   ලේකම් තමාරා ඩී පෙරේරා විසින් පසුගිය 20 වැනිදා පොලිස්පතිවරයා වෙත   ලිඛිත දැනුම්වත් කර තිබිය දීය.

එම ලිපියෙන් තවදුරටත්  දන්වා ඇත්තේ  ජාතික පොලිස්  කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු ඉල්ලීම්, අදාල ලේඛන පොලිස්පතිවරයාගේ  නිර්දේශ/ නිරීක්ෂණ සමග රේඛීය අමාත්‍යාංශයේ ලේකම් මගින් ජාතික පොලිස් කොමිසමේ ලේකම් වෙත යොමු  කරන ලෙසය.

නව ජාතික පොලිස් කොමිසමක් පත් කරන තුරු පැවති කොමිෂන් සභා නිලධාරින්ට අදාල රාජකාරි කරගෙන යෑමේ බලය ද නීතිපතිවරයා විසින් ලබා දී තිබිණි.

එසේ තිබිය දී පොලිස් කොමිසම රැස්වන අවස්ථාවේම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා විසින් සියලුම උසස් නිලධාරීන්ගේ පැමිණීම අනිවාර්ය කර පැවැත් වූ සාකච්ඡාවකදී මෙම ස්ථාන මාරුවීම් සම්බන්ධ අවසන් තීන්දුව ගෙන ඇතැයි ද පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මේ සියලු තත්ත්ව හේතුවෙන් ඇමතිවරයාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ මේ අනීතක පොලිස් මාරු ක්‍රියාවලිය සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයෙන්ම බරපතල විරෝධයක් මතුවෙමින් ඇත.

ස්ථාන මාරු කළ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නාම ලේඛණය මෙසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්දයකට සැරසෙන සේ පෙන්නුවත් පළාත් පාලන මැතිවරණය තියන්නෙ 2024 පහුවෙලා…

Next Post

ආශු අයින්වෙලා තියෙන්නෙ ජනාධිපති කතා කරලා අයින් වෙන්න කිව්වට පස්සේ!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.