රජය ඊයේ රාත්‍රියේ කොවිඩ් මරණ 5ක් වාර්තා කළේය. මරණ තුනක් කොළඹ නගරසභා සීමාව තුළය. පනාගොඩ ප්‍රදේශයේ 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ 49 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 ප්‍රදේශයේ 52 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 12 ප්‍රදේශයේ 71 හැවිරිදි කාන්තාවක්, කොළඹ 2 ප්‍රෙද්ශයේ 44 හැවිරිදි පුද්ගලයෙක් මිය ගිය අය අතර වූහ.
මිය ගිය අය අතර වයස 52ට අඩු තිදෙනෙක් වාර්තා විය. කොළඹ 08 ප්‍රදේශයේ 52 හැවිරිදි පුද්ගලයා මිය ගොස් ඇත්තේ නිවසේ දීය.
මේ වනවිට රට තුළින් වාර්තාවන සමස්ථ මරණ සංඛ්‍යාව 176කි.
රජය ඊයේ මේ සම්බන්ධව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.