2023 වසර සඳහා වන අවුරුදු උත්සවය මැයි මස 01 දා සඳුදා දිනයේදී සංවිධානය කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් රැසකට වාචික හෝ අවිධිමත් උපදෙස් දිවයිනේ ඉහළම රාජ්‍ය කාර්යාලයකින් ලැබී ඇතැයි ඩේලි මිරර් වාර්තා කරයි.
බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේ මෙන්ම අනෙකුත් පළාත්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනාවක්ම මැයි දිනය දා අවුරුදු උත්සව පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් මීට පෙර එය සාමාන්‍ය සම්ප්‍රදායක් නොවූ බවත් එම වාර්තාවේ දැක්වේ.
මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෘත්තීය සමිති සාමාජිකයින් පවසා ඇත්තේ තම පවුලේ සාමාජිකයින් සමඟ අවුරුදු උත්සවයට සහභාගී වන ලෙස සේවකයින්ට දන්වා ඇති බැවින් රජයේ සේවකයින් මැයි දින රැළිවලට පැමිණීම වැළැක්වීමට මෙම ලාභ ප්‍රයත්නය රජය විසින් දරා ඇති බවය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහරගම සහ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ තම කාර්ය මණ්ඩලයට අවුරුදු උත්සවයට පැමිණීම අනිවාර්ය කර නොමැති බවත් මැයි දිනයේදී තමන්ට කැමති තීරණයක් ගත හැකි බවත්ය.