ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ගත් තීන්දුව මසකින් කල් දමන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇතැයි අරුණ වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ තත්වය නිසා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපහසුතාවයකට පත් වී ඇතැයි ද ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට පවා මේ පසුබිම බලපානු ඇතැයි ද එම පුවතේ සඳහන් වේ.
මින් පෙර මාධ්‍ය වාර්තා මගින් වාර්තා වුණේ ප්‍රසන්න ගුණසේන ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඊට හේතුව වී ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල සමග ඇති කරගත් මතගැටුමක් බවත්ය .