බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පකිස්ථානය හමුවේ ඉන්දියාව කුජීත වෙයි… පකිස්ථානයට කඩුළු 10ක ජයක්!

by editor
ඔක්තෝබර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක අවධානය යොමු වූ ලෝක කුසලාන සුපිරි වටයේ තරගයක් වන පකිස්ථාන ඉන්දියා තරගයෙන් ඉන්දියාව අන්ත පරාජයකට ඇද දැමූ පකිස්ථාන කණ්ඩායම  කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා කළේය. ඔවුන්  ඒ ජයග්‍රහණය අත්කර ගන්නේ පන්දු 13ක් ඉතිරිව තිබිය දී ය.

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය අලුතින් ලියූ පකිස්ථානු ආරම්භක පිතිකරු යුවල වූ මොහොමඩ් රිස්වාන් සහ  බබාර් අසාම් ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 152ක   සම්බන්ධතාවයක් ගොඩනගමින් පකිස්ථානය  කඩුලු 10ක ජයග්‍රහණයක් කරා රැගෙන ආවේය.

මොහොමඩ් රිස්වාන්  පන්දු 55 ක දී ලකුණු 79ක් රැස කළේ හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් සමගිනි.

බබාර් අසාම් පන්දු 52ක දී ලකුණු 68ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 06ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අයිපීඑල් හරහා පුම්බා ගත් ඉන්දියානු විස්සයි 20 බැලුම් බෝලය පකිස්ථානු ආරම්භක පිතිකරුවන් දෙපළ පුපුරුවා දැම්මේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායම ඉතා අසීරු තත්වයකට ඇද දැමීමට පකිස්ථානු පන්දු යවන්නෝ සමත් වූහ. ඉන්දියානු ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා සහ කේ.එල් රාහුල් ලකුණු 06ක් තුළ නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට පකිස්ථානු පන්දු යවන්නන්ට හැකි විය. රෝහිත් ෂර්මා දැවී ගියේ තමන් මුහුණ දුන් පළමු පන්දුවේදීමය.

ඉන්දියාව වෙනුවෙන් සාර්ථක පිතිකරණයක යෙදුනේ විරාට් කෝලි සහ කඩුලු රකින රිෂාබ් පාන්ට් පමණි. කෝලි පන්දු 49ක දී ලකුණු 57ක් රැස් කළේය. ඒ හතරේ පහර පහක් සහ එක් හයේ පහරක් සමගිනි.  රිෂාබ් පන්දු 30ක දී ලකුණු 39ක් රැස් කළේය. ඒ හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමගිනි.  ඉන්දියානු ඉනිම කඩුළු 07ක් දැවී ලකුණු 151කට සීමා විය.

පකිස්ථානය වෙනුවන් විශිෂ්ට පන්දු යැවීමක් සිදුවන්නේ ශහීන් ඇෆ්රිඩි අතිනි. ඔහු පන්දු ඕවර 04 තුළ ලකුණු 31කට ඉන්දීය කඩුළු 03ක් දවා ගත්තේය. හසන් අලි පන්දු ඕවර 4 දී ලකුණු 44ට කඩුලු 02ක් දවා ගත්තේය. ෂඩාබ් ඛාන්  පන්දු ඕවර 04 දී ලකුණු 22කට එක් කඩුල්ලක්, හරිස් රවුෆ්  පන්දු ඕවර 04ක් යවා ලකුණු 25ට කඩුල්ලක් දවා ගෙන තිබිණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි පකිස්ථාන ආරම්භක පිතිකරු යුවල විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළහ. මොහොමඩ් රිස්වාන් සහ බබාර් අසාම්  විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ අමරණීය මතක සටහනක් තැබූහ.

මෙම පිතිකරු යුවල ඉන්දීය පන්දු යවන්නන්ට ක්‍රීඩාව එපා කරනු දුටුවෙමු. විරාට් කෝලිට මෙම පීඩාව දරාගත නොහැකි තරම් වූ අයුරු ඔහුගේ හැසිරීමෙන් ප්‍රකට වූයේය. ලෝක කුසලානායක් නැති වීම දරාගත හැකිය. නමුත් ඉන්දියාව පාකිස්ථානය  හමුවේ කුජීත වීම තරම් ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ව පුපුරුවා හරින   අත්දැකීමක් නොවේ.

එකම කඩුල්ලක්වත් නොදැවී වාර්තාගත සම්බන්ධයක් ගොඩනගමින් පකිස්තානු කණ්ඩායම පන්දු ඕවර 17.5ක දී ජයග්‍රහණය සනිටුහන්  කළේය. ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් බිහිසුණු බිඳවැටීමකය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉල්ලා අස් වූ එස්.පී.සී සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනට ජනපති ඉන්න කියයි!

Next Post

එල්.ටී.ටී.ඊය වළ දැමූ රත්තරන් සොයන්නට පැමිණි පිරිසක් නිසා මුලතිව් කෝවිලකට හමුදා ආරක්ෂාව…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.