සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ මහලේකම් තෝරන ඡන්දයේ දී මධ්‍යම කාරක සභා සාමාජිකයින් හොර ඡන්ද දාලා… ඡන්දය අහෝසි කරයි…

උතුර - නැගෙනහිර පලාත් සාමාජිකයෝ ගැටෙති… ඡන්ද පැවති තැන එකම ගාලගෝට්ටියක්... යළි මධ්‍යම කාරක සභාව රැස්වන දිනයත් දින නියමක් නැතිව කල් යයි...

by editor
ජනවාරි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට (ITAK ) මහ ලේකම්වරයෙකු තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී සිදුව ඇති අක්‍රමිකතාවයන්  කීපයක් නිසා  පත් වූ පුද්ගලයාගේ මහ ලේකම් ධුරය අහෝසි කිරීමටත් යළි ඉදිරි දිනක මේ සදහා ඡන්දය විමසීමක් පැවැත්වීමටත්  පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (27)  තීරණය කොට තිබේ. 

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නව නායකයා වශයෙන් කිළිනොච්චියේ එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයා තේරී පත් වීමෙන් පසුව එම පක්ෂයට මහ ලේකම්වරයෙකු පත් කරගැනීමට අවශ්‍ය වූයේය.  

මෙහිදී හය දෙනෙකුගේ නම් ඉදිරිපත්වීම නිසා මීළඟට පක්ෂයේ මධ්‍යම  කාරක සභාව රැස්වන දිනයේදී ඡන්ද විමසීමකින් මහ ලේකම්වරයා තෝරා පත් කර ගැනීමට තීන්දු වූ අතර ඒ අනුව ත්‍රීකුණාමළයේ පෞද්ගලික හෝටලයකදී පැවති ඡන්ද විමසීමේදී උතුරු පළාත නියෝජනය කරමින් මහ ලේකම් ධුරයට තරග කළ එස්.කුගදාසන්  පක්ෂයේ මහ ලේකම් ධූරයට තේරී පත් විය.

මේ අවස්ථාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී පුද්ගලයින් කිප දෙනෙකුම අත් දෙකම ඔසවා ඡන්දය ප්‍රකාශ කළ බවට චෝදනාවක් එල්ල වූ අතර එහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයාද එය සනාථ කරමින් ඡන්දය ප්‍රකාශ කළ පිරිස හා  ලැබූ  ඡන්ද ප්‍රමාණය ගලපා බැලීමේදි යම් පරස්පරතාවයක් තිබූ නිසා මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා ඡන්දය අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මීට අමතරව තවත් චෝදනා හා යෝජනා ගණනාවක් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් වීමත් සමගම උතුරේ පිරිස හා නැගෙනහිර පිරිස අතර පැහැදිලි බෙදීමක් හා විරසකහාවයක් පෙන්නුම් කිරීම නිසා පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී කිසිදු යෝජනාවක් සම්මත කර ගැනීමට හෝ බොහෝ යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් හට ගෙන තිබුණි. 

සභාව තුළ විශාල ගාලගෝට්ටියක් හා මතවාද මැද සිදු වූ කෑකෝ ගැසීම නිසා සභාව නිසි ක්‍රමවේදයකින් තොරව හමාර කිරීමට පක්ෂයේ නායකයින්ට සිදුවුණි.

යළි මධ්‍යම කාරක සභාව රැස්වන දිනයක් හෝ ඡන්දය පැවැත්වෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කොට නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්නගේ  නීති විරෝධී රාජ්‍ය දේපල පරිහරණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ගිය උඩ පළාත් ප්‍රාදේශීය ලේකම් වහාම ක්‍රියාත්මකවන පරිදි මාරුකරයි!

Next Post

තංගල්ල ත්‍රිකුණාමලය පුද්ගලික මගී ප්‍රවාහන  බසයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී දෙදෙනෙකුට බරපතළයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.