ඉරානය “කිසි විටෙකත් සියොන්වාදීන් සමඟ සම්මුතියක් ඇති කර නොගන්නා” බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි, X හි සටහන් තබමින් පවසා තිබේ..
“අපි සියොන්වාදීන්ට කිසිදු අනුකම්පාවක් නැහැ” ඔහු ප්‍රකාශ කර තිබේ. .
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කමේනි සිටින ස්ථානය එක්සත් ජනපදය දන්නා නමුත් “අඩුම තරමේ දැනට ඔහුව ඝාතනය නොකරන ” බව පැවසීමෙන් පසු අල් කමේනි ප්‍රසිද්ධියේ අදහස් පළ කළ පළමු අවස්ථාව මෙය ය.
මේ සතියේ මුලදී, ට්‍රම්ප් කමේනි ඝාතනය කිරීමේ ඊශ්‍රායල සැලැස්මක් නිෂේධ බලය යොදා ප්‍රතික්ෂේප කර තිබූ බව බීබිසී වාර්තා කළේය. .







