යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත් කරනු ලදුව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධූරයක කටයුතු කරමින් සිටි ඉරාජ් වීරරතන් සිය ධූරයෙන් ඉල්ලා අස් වූයේ තමන් කණට ගසා යැයි පවසමින් සමාජ මාධ්‍ය ජාලාවල පලවන පුවත කිසිම සත්‍යයක් නැති පදනම් විරහිත කතාවක් බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව පවසන්නේ ඩේලි මිරර් වෙබ් අඩවියට ප්‍රකාශයක් කිමින්.
යෝෂිත ඩේලි මිරර් වෙත කියා තිබුණේ සමාජ මාධ්‍ය තුළ පැතිර යන එවැනි කටකතා පදනම් විරහිත බවත් වීරරත්න සමඟ තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් ය.
“මා ඔහුව අවසන් වරට දුටුවේ කලකට පෙර සහභාගී වූ උත්සවයකදී . මම ඔහු සමඟ කිසිසේත් සම්බන්ධ වී නැහැ. ඔහුගේ ඉල්ලා අස්වීමට මගෙ කිසිඳු සම්බන්ධයක් නෑ” යෝෂිත පැවසුවේය.
ඉරාජ් වීරරතන්ට යෝෂිත කළ පහරදීමක් හේතුවෙන් ඔහු සිය තනතුරේ සේවයෙන් ඉල්ලා අස්වූ බවට ප්‍රකාශ පසුගිය බ්‍රහස්පතින්දා සිට සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කරන බවට දැනුම් දෙමින් බදාදා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යවා තිබිණි.
හදිසි පෞද්ගලික වැඩකටයුතුවලට සහභාගී වීමට සිදු වූ බැවින් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.