කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ අද (15) අලුයම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව කන්කසන්තුරේ වරාය වෙත රැගෙන ආ අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක වෙත භාර දීමට නියමිතය.
2024 වසරේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිටි ඉන්දීය ධීවර යාත්‍රා 16ක් සහ ඉන්දීය ධීවරයින් 125ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා බලධාරීන් වෙත භාර දී ඇත.
විදේශීය ට්‍රෝලර් යාත්‍රා වල නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.







