සියලුම සිපෙටිකෝ ඉන්ධන හල්වල ආරක්ෂාව සඳහා හමුදාව යොදවා තිබේ.
හමුදාව අවි රහිත රාජකාරියේ යොදවා ඇත්තේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පමණක් බව හමුදා මූලස්ථානය දන්වා තිබේ.
මේ අතර ගෑස් ඒජන්සි අසල තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධි අංශ යොදවා ඇති බවට තොරතුරු ලැබෙමින් ඇත.
ගෑස් ඒජන්සි හිමියන්ගේ නම්, වතගො, ලැබෙන ගෑස් ප්රමාණය, ගෑස් පාරිභෝගිකයන්ගේ තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් එම බුද්ධි නිලධාරීන් විසින් සැකසීමට නියමිත බව දැනගන්නට තිබේ.
ගෑස් සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට පැමිණි බුද්ධි නිලධාරීන්ට සමහර ඒජන්සි හිමියන් දක්වා ඇත්තේ නියම තොරතුරු ලබා ගන්නට ගෑස් ලොරියක් ඒජන්සිය වෙත පැමිණෙන වෙලාවට ඇවිත් බලන ලෙසය.