ලලිත් චාමින්ද –
ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස අට තුළදි රුපියල් බිලියන 88.6ක ශුද්ධ ලාභයක් වාර්තාකොට ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.
2022 වර්ෂයේ පළමු මාස අට තුළ වාර්තාවු රුපියල් බිලියන 632ක් වු අලාභයට සාපේක්ෂව මෙම ශුද්ධ ලාභය වාර්තාවි ඇති බවද මෙම වාර්තවේ සඳහන් වේ.
පෙට්‍රල්, ඩිසල් සහ භුමිතෙල් සදහා පිරිවැය පිළිබිඹුවන මිලකරණ ක්‍රමවේදයක් හදුන්වාදිමත් සමග 2022 වර්ෂයේ පළමු මාස අට තුළදි රුපියල් බිලියන 716.6ක් වු ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ ආදායම 2023 වර්ෂයේ එම කාලසිමාව තුළ රුපියල් බිලියන 921.8 දක්වා සියයට 28.6කින් වර්ධනය වි ඇති බවද මුදල් අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ.
සංස්ථාවේ ආදායමේ සිදුවු වර්ධනය මෙන්ම රුපියල අධිප්‍රමාණය විමේ වාසිය හේතුවන් ඛණිජතෙල් සංස්ථාව ශුද්ධ ලාභයක් වාර්තාකොට තිබුණි.
ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව පසුගිය මාස අට තුළදි රුපියල් බිලියන 88 ලාභයක් ලබා තිබියදි එම වාසිය පාරිභෝගික ජනතාවට ලබානොදි ඉන්ධන මිල වැඩිකිරිම පාරිභෝගික ජනතාවට එල්ල කළ මරුපහරක් බැව් සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පවසයි.
භුමිතෙල් මිල වැඩිකිරිම නිසා සුළු පන්න ධිවර කාර්මිකයින් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බවද හෙතෙම පවසයි.







