රටේ මෙපමණ ඉන්ධන අර්බුදයක් ඇතිවී පාසල් පද්ධතිය, සෞඛ්‍ය සේවා පද්ධතිය, විදුලි බල පද්ධතිය, ප්‍රවාහන පද්ධතිය ඇතුළු සමස්ත ජන ජීවිතය බිඳ වැටී තිබිය දී ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික නිළධාරීන්ට සතියකට පෙට්‍රල් ලීටර් 20ක් අනිවාර්යෙන් ලබාදීම සඳහා යුධ හමුදාව කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඉන්ධන නොමැතිවීම නිසා රටේ ජීවිතය සහිත සෑම ඉසව්වක්ම බිඳ වැටී තිබිය දී හදිසියේ විශ්‍රාමික හමුදා නිළධාරීන්ට මෙලෙස ඉන්ධන ප්‍රමුඛතාවයෙන් ලබාදීම බොහෝ ක්ෂේත්‍රවල විමතියට හේතු වී තිබේ.
එම ඉන්ධන සහනය ලබන ඇතැම් විශ්‍රාමික හමුදා නිළධාරීන් පවා මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර ඇති බව වාර්තා වේ.
දැනට රට තුළ පවතින ඉන්ධන සංචිත දැඩි ලෙස සීමා සහිත වී ඇති තත්ත්වයක පවා හමුදා ලුතිනන් කර්නල් තනතුරෙන් ඉහළ නිළධාරීන් සඳහා තවදුරටත් ඉන්ධන සැපයුම් සීමා කිරීමකින් තොරව ලබාදෙන තත්ත්වයක් ඇති අතර එය සීමා කළ යුතු බවට ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යංශයේ හා මුදල් අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් අතර ද පසුගිය ද කතා බහට ලක් වි තිබේ.
අනාවරණය වී ඇති අන්දමට ලුතිනන් කර්නල්වරයෙකුගෙන් ඉහළ තනතුරු සඳහා දැනට සිටින දහසකට අධික නිළධාරීන් සඳහා මාස තුනකට වරක් ඉන්ධන ලීටර් 630ක ඉන්ධන සලාකයක් ලබාදෙන අතර එහිදී මෙම ඉන්ධන ලැබෙන්නේ රාජකාරි වාහන සඳහා පමණක් නොව පෞද්ගලික වාහනවලට ද බැවින් එම ඉන්ධන දීමනාව තාවකාලිකව අත්හිටුවීම හෝ අඩු කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.
කෙසේ වුවත් ලුතිනන් කර්නල්වරුන්ට අමතරව විශ්‍රාමික හමුදා නිළධාරීන්ටත් ඉන්ධන ලබාදීමට කටයුතු කිරීම කාගේ තීරණයක් ද?